පොලිස්පතිගේ ප්‍රකාශයට මම එකඟ නෑ

  👤  3365 readers have read this article !
By mawbima 2017-12-07

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

"පොලිස්පතිවරයා, ගිංතොට සිද්ධියේදී පොලිසිය අසාර්ථක යැයි ප්‍රකාශ කළා නම් මම ඒකට එකඟ නැහැ" යැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක පාර්ලිමේන්තුවේදී පැවැසීය.

"පොලිස්පතිවරයා එවැනි ප්‍රකාශයක් කළා යැයි මම පිළිගන්නේ නැහැ. ඔහු එහෙම ප්‍රකාශයක් කළානම් මම ඒකට එකඟ නැහැ. පොලිසිය හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඒ කාර්ය හරිහැටි ඉටුකළ නිසා එදා එහි පැවැති තත්ත්වය පාලනය වුණා පමණක් නොව රටේ අනෙක් ප්‍රදේශවලට පැතිර යන එකත් පාලනය වුණා.
ඇමැතිවරයා එසේ කීවේ ගිංතොට පසුගියදා සිදුවූ සිද්ධියේදී පොලිසිය අසමත් වුණු බව පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඔහු ඒ වගකීම පටවන්නේ කාටද..? පොලිසිය අසමත් වුණා නම් වගකීම දරන්නේ කවුදැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක, නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අවස්ථාවේදීය.

රටේ ජාතිවාදී ගැටුම් ඇති කෙරෙන වාතාවරණයක් පවතින අවස්ථාවක පොලිස්පතිවරයා පොලිසිය අසමත්වූ බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් ඇමැතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග කුමක්දැයි මන්ත්‍රිවරයා ප්‍රශ්න කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon