පළාත් පාලන ආයතනවලින් එජාපය සියයට 70ක් ජය ගන්නවා

  👤  3349 readers have read this article !
By mawbima 2017-12-07

එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය ස්ථිර බවත් ඉදිරි මැතිවරණයේදී සියයට හැත්තෑවකට වඩා එම ආයතනවලින් තම පක්ෂය ජයග්‍රහණය කරන බවත් ප්‍රාදේශීය සභා, නගර සභාවල බලය ගැනීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බවත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අනුරාධපුර - නොච්චියාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
තවදුරටත් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙසේද පැවසීය.

පෙබරවාරි 17 මැතිවරණය පවත්වන්න දළ වශයෙන් තීන්දු කරල තියෙනවා. කොමසාරිස්තුමාගේ තීන්දුව තමයි අවසාන තීන්දුව. කොමසාරිස්තුමා දෙන දිනයක මැතිවරණය තියන්න පක්ෂයක් හැටියට අපි ලෑස්තියි.

ඒකාබද්ධ විපක්ෂයයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකතු වෙන්න හැදුවා. මේ තියෙන යහපාලන දීගේ කඩාගෙන වෙන දීගයක්් ආරම්භ කරන්න හැදුවා. නමුත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමයි අතර තියෙන සම්බන්ධය කැඩෙන්නේ නැහැ. මේක 2020 එහාටත් යන්න පුළුවන්. ඒ ගැන කවුරුත් කලබල වෙන්න ඕනෙ නැහැ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon