මිනිසුන් දණ ගස්සන දේශපාලන පරපුරක් බිහි කිරීම මගේ හෝ පක්ෂයේ අපේක්ෂාව නොවේ

  👤  3587 readers have read this article !
By mawbima 2017-12-07

ආණමඩුව මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් වෙනුවෙන් වැඩමුළු 7ක් පැවැත්වීමට නියමිත බව ආණමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක හා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.

මිනිසුන් දණ ගස්සන දේශපාලන පරපුරක් බිහිකිරීම තමාගේ හෝ පක්ෂයේ අභිප්‍රාය නොවන බවත්, වැටී සිටින පුද්ගලයන් නැඟිට්ටවීමට සමත් වන්නා වූ පරපුරක් බිහිකිරීම යුගයේ අවශ්‍යතාව බවත් ඔහු පැවැසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අපේක්ෂකයන් වෙනුවෙන් සංවිධානය කර තිබූ තුන්වැනි වැඩමුළුවේ ආරම්භක දේශනය පවත්වමිනි.
ආණමඩුව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා එම වැඩමුළුව පැවැත්විණි. අමාත්‍යවරයා පැවැසුවේ මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන එකම මැතිවරණ කොට්ඨාසය ආණමඩුව බවයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon