එළිවෙන ජාමෙට හොඳ-හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන්

  👤  3382 readers have read this article !
By mawbima 2017-12-07

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හෝ චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හෝ මහින්දානන්ද අලුත්ගමගේ වැනි කිසිවකුට සාමාජිකත්වයක් නොමැති ඒකා බද්ධ විපක්ෂය ප්‍රමුඛ පොදුජන පෙරමුණ ගමට ගොස් පක්ෂ සාමාජිකත්වය ගන්නැයි ජනතාවගෙන් කරන ඉල්ලීම විහිළු සහගත බව ශ්‍රී ලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර පවසයි. ඔහු පවසන්නේ මෙවැනි පක්ෂයක් ලෝකේ කිසිදු රටක නොමැති බවයි.

මධ්‍යම කාරක සභාවක් හෝ විධායක කාරක සභාවක් නොමැති අවම වශයෙන් තීන්දුවක්වත් ගැනීමට කෙනකු පොදුජන පෙරමුණේ නැහැයි ඒ මහතා පෙන්වා දෙයි.
ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයේ පිරිසට ශ්‍රී ලනිපය දෙකඩ කිරීමේ අභිලාෂයෙන් බැහැරව ශ්‍රී ලනි
පක්ෂය සමඟ එක්වන්නැයි තම පෙරමුණ ආරාධනා කරන බවත් ඒ සඳහා ඔවුන්ට තවත් හෝරා කිහිපයක් ඉතිරිව පවතින බවත් ඔහු සඳහන් කරයි.

ඊයේ (6දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම වැඩිදුරටත් පැවැසුවේ මෙවර පළාත් පාලන මැතිවරණයට අත හා බුලත් කොළය ලාංඡන දෙකෙන්ම තරග කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවය.

ඒ මහතා මෙසේද කීය.
ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව පැහැදිලි තීරණයක් අරගෙන තියෙනවා පක්ෂයේ ඒ ඒ දිස්ත්‍රික්කවල අනෙකුත් පක්ෂ සමඟ සන්ධානගත වී පළාත් පාලන මැතිවරණයට තරග කරන්න. ඒ ඒ දිස්ත්‍රික්කවලට අනුව ලාංඡනය වෙනස් වෙනවා. සන්ධාන ගත වන බහුතරයක් කැමැති බුලත් කොළයෙන් තරග කරන්න.
අපි තරුණ බලමණ්ඩලය දිස්ත්‍රික්කවලට යමින් ඒකාබද්ධ විපක්ෂය පුස්සක් බවත් ජනතාව දැනුවත් කළා.

ඊයේ වීරකුමාර දිසානායක මහතා මාධ්‍ය හමුවක් තියලා කිව්වා වෙන්න යන දේවල් මොනවද කියලා. කාලයක් ගෙවිලා හරි ඒ බව තේරුම් ගනිමින් ප්‍රතිපත්ති වෙනස් කරගන්න පිරිසක් සිටිනවා. එළිවෙන ජාමෙට තමයි හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් වෙන්නෙ. අපි මැතිවරණයට නොබියව හා විශ්වසනීයත්වයෙන් මුහුණ දෙනවා කවුරු එක්වුණත් නැතත්.

පැවැති පක්ෂ සම්මේලනවලට ආපු නැති අයට විනය ක්‍රියාමාර්ග නොගන්න හේතුව තමයි මේ වසර කිහිපය තුළ ශ්‍රී ලනිපයේ අය ‍ෙදාට්ට දානවට වඩා සියලු දෙනා ඒකරාශී කරගෙන පක්ෂයක් ලෙස ඉදිරියට යන්න අවශ්‍ය වීම. අපි ඒ අයට පසුගිය කාලේ සාකච්ඡාවලට ආරාධනා කළා. නමුත් ඒක රටට පෙන්නුවේ ඒකාබද්ධ විපක්ෂය නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන්න බෑ කියලා.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon