2018 පළමු දේශපාලන රාජකාරිය අමරවීර හෙළි කරයි

  👤  4843 readers have read this article !
By mawbima 2017-12-10

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

• 2018 වසරේ පළමු දේශපාලන කටයුත්ත ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව ගැන සෙවූ ජනාධිපති කොමිසම් සභාවේ වාර්තාව නීතිපතිට යවා නීති උපදෙස් ගැනීමේ ක්‍රියාවලිය බවට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉරිදා "මව්බිම"ට පැවැසීය.

මේ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීමේ කටයුතු අවසන් වීමෙන් පසුව නිර්දේශ ඇතුළත් කොමිෂන් සභා වාර්තාව දෙසැම්බර් 31 වැනිදා හෝ 2018 ජනවාරි 1 වැනිදා බොහෝ දුරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාරදෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඉන් අනතුරුව එම වාර්තාවේ නිර්දේශවලට අදාළ ඉදිරි නීතිමය කටයුතු සඳහා එය නීතිපතිවරයාට යොමු කෙරෙන බවත් මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon