ඩයලොග් ආසිආටා පී.එල්.සී. සහ ඕස්ට්‍රේලියානු රජය එක්ව ඩිජිටල් ගෙවීමේ ක්‍රමවේදයක් උතුරු පළාත සඳහා හඳුන්වාදෙයි

  👤  3507 readers have read this article !
By mawbima 2017-12-10

ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ පිහිටි ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර (ඒඊර්) 200ක් භාවිත කරමින්, ඩිජිටල් ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමේ නියමු වැඩසටහනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සම්පාදක වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. සහ ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුව (ච්ජ්ඒඊ) ඒකාබද්ධ කටයුතු කර ඇත. ඒ බව යාපනයේ පැවැති, එම වැඩසටහන එළිදැක්වීමේ අවස්ථාවේදී නිවේදනය කළේය.

මේ අනුව, ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (ච්ජ්ඒඊ) ඕභඵඪදඥඵඵ ර්ථීචපබදඥපඵඩඪනඵ ර්ථීතචබටධපථ මඟින් ලබාදෙන රුපියල් මිලියන 60ක මුදලක් සහ ආසිආටා සමාගම රුපියල් මිලියන 91ක මුදලක් ආයෝජනය කරමින් මෙම වැඩසටහන සිදු කරන අතර, මෙහිදී ච්ඪචතධඨ සමාගම විසින් තමන්ගේ අති නවීන ඩිජිටල් ගෙවීමේ පද්ධතිය හරහා බැංකු පහසුකම් වෙත ළඟාවීමට අපහසු ජනතාවට සහයෝගය ලබාදෙනු ලබයි.

එමෙන්ම මෙම වැඩසටහන මඟින් ස්ථාන 200ක් තුළින් පාරිභෝගිකයන්ට තමන්ගේ ජංගම දුරකතන භාවිත කරමින් පුළුල් වෙළෙඳසල් සහ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර ජාලයෙන් ඥඛ ඛ්චඵඩ ඔස්සේ මුදල් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ. ඥඛ ඛ්චඵඩ යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය මත ජංගම සන්නිවේදන ග්‍රාහකයන්ට සිය ජංගම දුරකතනය තුළ ජංගම මුදල් ගිණුමක් මඟින් ගනුදෙනු කළ හැකි ක්‍රමවේදයකි. මෙම සේවාව භාවිත කරමින් පාරිභෝගිකයන්ට භාණ්ඩ හා සේවා මෙන්ම ජංගම දුරකතන රී-ලෝඩ් පහසුකම් වෙනුවෙන්ද ඉතාමත් පහසුවෙන් මුදල් ගෙවීම සිදුකළ හැකිය. එසේම, ශ්‍රී ලංකාවේ තිබෙන ඕනෑම ජාලයක ජංගම දුරකතන පාරිභෝගිකයකුට මුදල් යැවීමටත් මුදල් ගෙන්වා ගැනීමටත් ඥඛ ඛ්චඵඩ සේවාව හරහා අවස්ථාව හිමිවේ. සන්නිවේදන සේවා සැපයුම්කරුවන් අතර ලොව පළමු ජංගම මුදල් සේවාව ලෙසින් 2012 වසරේදී ආරම්භ වූ මෙම සේවාව සඳහා පාරිභෝගිකයන්ගේ ඇගයීමට අමතරව 2015 ට්ඉර්ඒ සම්මාන ප්‍රදානෝත්වසයේදී ඕඥඵබ ර්ධඡඪතඥ ර්ධදඥර සේවාව ලෙසින් ගෝලීය ජංගම දුරකතන සම්මානය හිමිකර ගනිමින් ජාත්‍යන්තර ඇගයීමට ලක්විය.

මෙම වැඩසටහන පිළිබඳවත් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ වෙසෙන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඕපරජඥ ඩ්භබජඩඥඵඵධද මහතා මෙසේ පැවැසීය. "අපි විසින් ඩයලොග් ආසිආටා සමාගම සමඟ ඇතිකර ගත් ඒකාබද්ධතාව උතුරු පළාතේ ජනතාවට උසස් ඩිජිටල් මූල්‍ය සේවා ලබාදීමේ පදනම දමනවා. මා බලාපොරොත්තු වන්නේ මෙම නියමු වැඩසටහන මඟින් අපි ආයෝජනය කළාට වඩා බොහෝ වටිනා දැනුමක් සහ ප්‍රතිලාභයක් ලබාගැනීමට හැකිවනු ඇති බවයි. අපි වර්තමානයේ ජීවත් වෙන්නේ සමාජ සහ ආර්ථික අවස්ථා උදාකිරීම සඳහා තාක්ෂණය ඉතාමත් වැදගත් වන යුගයකයි."

මෙහිදී අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගමේ සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, අචඪදඥප ච්ඥභබඵජඩථචදද මහතා මෙසේ පැවැසීය. "ඕස්ට්‍රේලියා රජය සහ ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම අතර ඇති කරගත් මෙම ඒකාබද්ධතාව මඟින් පෙන්වන්නේ මෙරට ඩිජිටල් සහ මූල්‍ය කටයුතු සංවර්ධනය වෙනුවන් අපගේ තිබෙන ඉහළ කැපවීමයි. බිම් මට්ටමේ සිට ආර්ථික සංවර්ධනය දියුණු කිරීම උදෙසා මෙහිදී අපි පුළුල්, ආරක්ෂාකාරී සහ අඩු වියදම් ගෙවීම් ක්‍රමවේදයක් ලබාදීමට ඉලක්ක කර තිබෙනවා.

පාරිභෝගිකයන්ට තමන්ගේ ඩිජිටල් පසුම්බියට ආරක්ෂාකාරීව සහ පහසුවෙන් මුදල් තැන්පත් කරන්නත් එයින් මුදල් ආපසු ගන්නත් මෙහිදී හැකියාව ලැබෙනවා. මීට අමතරව, මේ තුළින් කාසි හා නෝට්ටු නොමැතිව ගනුදෙනු කිරීමටත් ඔවුන්ට අවස්ථාවක් හිමිවෙනවා. සමස්ත ශ්‍රී ලංකාවේම ආර්ථික වර්ධනය සඳහා සහයෝගය ලබාදීමේ අපගේ පුළුල් ඩිජිටල් පරිවර්තන වැඩසටහනේ අංගයක් ලෙස මෙම වැඩසටහන සිදුකරන බව කිව යුතුයි. ඥඛ ඛ්චඵඩ පදනම් කරගත් මෙම ක්‍රමවේදයක් මඟින් ව්‍යවසායකයන්ට සහ කුඩා වෙළෙඳුන්ට නව ව්‍යාපාරික අවස්ථාවන් උදාකරන අතර, වෙළෙ¼දාමේ යෙදෙන කාන්තාවන් පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනවා. මෙම වැඩසටහන් සඳහා ඉක්මනින් අනුගතවීම පහසු කිරීම සඳහා ඩයලොග් සමාගම පුහුණුව ලබාදීමට නියමිත අතර එයට සමගාමීව ඩිජිටල් සාක්ෂරතා වැඩසටහන් පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon