පළාත් පාලන කෙටුම්පත සම්මත වුණු හැටි වැරැදියි

  👤  3304 readers have read this article !
By mawbima 2017-12-11

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වූ ආකාරය නීති විරෝධී නිසාත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනි නිසාත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

මෙම සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශේ්‍රෂ්ඨාධිකරණයේ නඩුවක් තිබෙන බවත් මේ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකගේ කැමැත්ත අවශ්‍ය බවට නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබී තිබෙන බවත් දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
මේ ආකාරයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස හොර පාරෙන් පාර්ලිමේන්තුවේදී පනත් සම්මත කරගැනීම ඉතාම බරපතළ තත්ත්වයක් බවත් මෙමඟින් පාර්ලිමේන්තුව කෙරෙහි පවතින ජනතා විශ්වාසය බිඳ වැටෙන බවත් දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඡන්ද ප්‍රමාණයෙන් 20%කට වඩා අඩුවෙන් ගනු ලබන දේශපාලන පක්ෂවලට කාන්තා නියෝජනය සම්බන්ධයෙන් පැන නැඟිය හැකි ගැටලුවලට විසඳුම් ලබාදීමේ අරමුණෙන් මෙම සංශෝධන ඉදිරිපත් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ආණ්ඩුවේත්, විරුද්ධ පක්ෂයේත් යම් යම් පරස්පරතා හමුවේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත 09 වැනිදා සෙනසුරාදා සවස පාර්ලිමේන්තුවේදී ද සම්මත වූයේ පනතට පක්ෂව ඡන්ද 138ක් හා විරුද්ධ ඡන්ද 49ක් ලැබීමෙනි. ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 8කි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon