‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ කිරුළ රාගම සුනීර සුමංගට

  👤  3803 readers have read this article !
By mawbima 2017-12-11

චාමිණී ගම්මන්පිල
හර්ෂණී අර්සකුලරත්න

ශ්‍රී ලාංකේය යෞවනයේ සිහින සැබෑ කරන තාරුකා පෙළහර 'දෙරණ ඩ්‍රීම් ස්ටාර්' සීසන් 07 කිරුළ දිනා ගැනීමට රාගම එස්.එන්. සුනීර සුමංග පසුගියදා (09දා) සමත් විය.කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පෙරේදා (09දා) පැවැති අවසන් මහා රාත්‍රියේදී නවගමුවේ පදිංචි ශලීන් කෞශල්‍ය සහ වේයන්ගොඩ පදිංචි මහේෂා සඳමාලි කරුණාරත්න අභිභවා ඔහු සිය නිසඟ දක්ෂතා අතරින් මේ කිරුළට හිමිකම් කීවේය. ලක්ෂයකට ආසන්න තරගකරුවන් පිරිසක් අභිභවමින් සුනීර ඩ්‍රීම් ස්ටාර් කිරුළට එදින රාත්‍රියේ හිමිකම් කීවේය.

එහි අනුශූරතාව ශලීන් කෞශල්‍ය සහ තෙවැනි ස්ථානය මහේෂා සඳමාලිට හිමිවිය.
සුනීරට ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් වටිනා මෝටර් රථයක්, ඉඩමක් ඇතුළු මිලියන 10කට ආසන්න තෑගි රැසක් හිමිවිය.
ක¼දාන ද මැසිනස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ සුනීරගේ වයස අවුරුදු 20කි. අවසන් 48 දෙනා අතරට තේරී ඉන් අනතුරුව අවසන් 12 දෙනා අතරට තේරීපත් වුණු සුනීර ඉන්පසු අවසන් පස් දෙනා සහ හතර දෙනා අතර හුන් ගායන කෞශල්‍යයන්ගෙන් පරිපූර්ණ සැබෑ කටහඬකි.
දෙරණ ඩ්‍රීම් ස්ටාර් ඉතිහාසය වර්ණවත් කරමින් සුනීර වරෙක අමරදේව ශූරීන්ගේ 'මින්දද හී සර' ගීතය ගායනා කිරීම අගය විනිසුරු මණ්ඩලයේ තිදෙනාම සිය අසුනෙන් නැඟිට සිය ප්‍රසාදය පළ කළේ මෙතෙක් එවැනි ඇගයීමකට කිසිවකු බඳුන් නොකරමිනි.

අනුශූරතාවට හිමිකම් කී ශලීන් කෞශල්‍ය වයස අවුරුදු දහනවයක තරුණයෙකි. මීගස්තැන්න මහා විද්‍යාලයෙන්, යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයෙන් හා බෝමිරිය ජාතික පාසල්වලින් ඉගෙනුම ලැබූවෙකි.
අනුශූරතාව වෙනුවෙන් ශලීන්ටද ඉඩමක් ඇතුළු වටිනා තෑගි රැසක් හිමිවිය.
එසේම තෙවැනි ස්ථානය දිනාගත් මහේෂා සඳමාලි කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රාසාංගික කලා විශේෂවේදී උපාධිය හදාරන සිවුවැනි වසරේ ශිෂ්‍යාවකි. ඇය සංගීත විශාරද විභාගයද සමත් වී තිබේ.

ඇය වෙනුවෙන් ද ඉඩමක් ඇතුළු වටිනා තෑගි රැසක් එහිදී පිරිනැමිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon