නව නිර්මාණ සඳහා රජත සම්මානයන්ගෙන් පිදුම් ලැබූ පුංචි නිර්මාණකරුවා
"සහසක් නිමැවුම්" 2017 හා "ශ්‍රී ලංකා ඉන්ජිනේරු නව නිපැයුම්" 2017 සමස්ත ලංකා තරගාවලියේ දෙවැනි විශිෂ්ට නිර්මාණය සඳහා රජත සම්මාන දෙකකින් පිදුම් ලබා විදුහලට ගෞරවයක් හා අභිමානයක් ගෙන දුන් ඒ පුංචි නිර්මාණකරුවා අපට හමුවූයේ නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේදීය.
ඒ කුණු සහ වැලි වෙන් කරන කුණු අදිනය (අචතඪඵඩ චදඤ ඉචදඤ ඉඥනචපචඡතඥ ච්භඵබනචද) නම් පරිසර හිතකාමී නිර්මාණය කළ මයුරපාදයේ 8 ජී ශේර්ණියේ ශිල්ප හදාරන 13 හැවිරිදි එච්. ඒ. චාලිත්ය නිම්න ගගන හෙට්ටිආරච්චි සිසුවාය.
ගගන හෙට්ටිආරච්චි නම් විශිෂ්ට නිර්මාණකරුවා 2015දී ආරම්භ කළ මයුරපාද විදුහලේ "නව නිපැයුම්" සංගමයේ උදේයා්ගිමත් ආරම්භක සාමාජිකයෙකි.
එහිදී ලබාගත් දැනුම හරහා මෙතෙක් කළ නව නිර්මාණ ගිරිඋල්ල කලාප තරග ජය ගත්තද වයඹ පළාත ජය ගන්නට හැකිවී නැත. එහෙත් මොහු කිසිසේත්ම පසුබට නොවී තව තවත් අලුත් නිර්මාණ කර ඇත. ඒ ඔහුගේ අධිෂ්ඨානයේ මහඟු ප්රතිඵලයකි මෙවර විශිෂ්ට නිර්මාණයක් ලෙස ඇගයීම් ලද "කුණු සහ වැලි වෙන් කරන කුණු අදිනය" (අචතඪඵඩ චදඤ ඉචදඤ ඉඥනචපචඡතඥ ච්භඵබනචද) නම් නව නිපැයුම නිර්මාණය වීම.
ගොඩනැඟිලි ඇතුළත අතු ගෑමේදී හා මිදුල් ඇමැදීමේදී කුණු කසළ සමඟ නිතරම දූවිලි හා කුඩා ගල් බොරලු දිනපතාම කුණු ගොඩට එකතු වීමෙන් නොදැනම කුණු ගොඩ විශාල වේ. මාස ගණනාවකට ඉහතදී විශාල ඛේදවාචකයක් නිර්මාණය කරමින් මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමට එක් හේතුවක් වී ඇත්තේ මෙසේ වැලි බොරලුද නිතරම එකතු වීමෙන් ඔරොත්තු නොදෙන තරමට කුණු කන්ද විශාල වීම බව මෙම පුංචි නිර්මාණකරුවාට පැහැදිලි වී ඇත.
ඒ බව තමාගේ බුද්ධියට අනුව තේරුම් ගත් ගගන තුළ කුණු ගොඩට වැලි බොරලු එකතු වීම අවම කිරීම සඳහා වූ උපකරණයක් නිපදවිය යුතු යැයි ඇති වූ සිතිවිල්ල සැබෑවක් කරමින් කුණු කසළ වැලි වෙන් කරන කුණු අදිනය නම් මෙම විශිෂ්ට නිර්මාණය ඔහු අතින් නිම වී ඇත.
වෙළෙඳපොළෙන් මිලදී ගත් සාමාන්‍ය කුණු අදිනයක් (ච්භඵබනචද) උපයෝගී කරගනිමින් කළ මුල්ම නිර්මාණය කලාප සහ පළාත් තරග ජය ගෙන ඇත. එහෙත් එම නිර්මාණයේ වූ අඩුපාඩු අඩු කර ගනිමින් ඇගයීම් ලැබූ ඔහු මෙම අලුත් නිර්මාණය කර ඇත. ඒ විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ විෂය භාර ආචාර්ය ෂානක ලියනාරච්චි මහතාගේ උපදෙස් සහ මඟ පෙන්වීම අනුවය. ඒ අනුව කුණු සහ වැලි වෙන් කළ හැකි විශේෂිත දැලක් සවිකර ෆයිබර්වලින් මෙම සැහැල්ලු කුණු අදිනය නිෂ්පාදනය කර ඇත.
මෙසේ නිර්මාණය කළ මෙම විශිෂ්ට නිර්මාණය ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනය මඟින් සංවිධානය කළ "නව නිපැයුම්" 2017 සමස්ත ලංකා තරගාවලියේ පරිසර සංරක්ෂණ කාණ්ඩය යටතේ දෙවැනි විශිෂ්ට නිර්මාණය ලෙස ඇගයීමට ලක් විය. ඒ සඳහා වූ රිදී සම්මානයෙන් හා රුපියල් 6000ක මුදලකින්ද ගගන හෙට්ටිආරච්චි පිදුම් ලැබූයේ ඉන්ජිනේරු ආයතනයේ ප්‍රධාන ඉන්ජිනේරු ජයවිලාල් මීගොඩ මහතාගේ දෑතින්ය. ඒ පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති විශිෂ්ට නිර්මාණකරුවන් ඇගයීමේ උත්සවයේදීය.
එසේම "සහසක් නිමැවුම්" 2017 ජාතික ප්‍රදර්ශනයට සමගාමීව පවත්වන ලද තරගාවලියේදී පරිසර සංරක්ෂණ කාණ්ඩය යටතේද මෙම නිර්මාණය ඇගයීම් ලැබූයේද දෙවැනි විශිෂ්ට නිර්මාණය ලෙසය. මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබූයේ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින්ය.
මේ සඳහා වූ රජත සම්මානය හා රුපියල් 30000ක මුදලකින්ද මෙම පුංචි නිර්මාණකරුවා පිදුම් ලැබීය. විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සුරතින් මෙම විශිෂ්ට නිර්මාණකරුවා එම සම්මානයන්ගෙන් පිදුම් ලැබූයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ විශිෂ්ටයන් ඇගයීමේ ප්රණාම උළෙලේදීය.
පරාජයන් හමුවේ නොසැලී අධිෂ්ඨානශීලීව අඛණ්ඩව ස්වෝත්සාහයෙන් ජයග්‍රහණ ලබාගත හැකි බව ආදර්ශවත්ව අනෙකුත් දරුවන්ට පෙන්වා දෙන අද විශිෂ්ටයකු ලෙස ඇගයීමට පත් මේ දරුවා අනාගතයේ රටට වැඩදායි පුද්ගලයකු බව ෂානක ලියනාරච්චි මහතා අප සමඟ පැවැසීය.
විදුහල්පති ආර්. පී. එච්. රණසිංහ මහතා ඇතුළු ගුරු මණ්ඩලය, සිය මව කල්‍යාණි මංගලිකා හා සහෝදරයා, සහෝදරිය මෙන්ම සමිත රාජපක්ෂ අයියා ඇතුළු මෙම සම්මාන ලබා ගැනීම දක්වා උදවු උපකර කළ හැමෝම ස්තූති පූර්වකව සිහිපත් කරන ගගන හෙට්ටිආරච්චි සිසු දරුවා වැඩිදුරටත් පවසා සිටියේ මඟ පෙන්වීම හා උපදෙස් ලබා දෙමින් ජයග්‍රහණය තෙක් තම ගමන් මඟ හෙළි පෙහෙළි කළ විෂය භාර ෂානක ලියනාරච්චි මහතාට ස්තුති පූර්වකව ප්‍රණාමය පුදකරන බවයි.
නාරම්මල - රණසිංහ ආරච්චි
විනෝදාත්මක
අද මව්බිමෙන්
- මිනිසුන්ගේ කුරිරුකම් නිසා මළවුන් සමඟ ජීවත් වන ප්‍රියන්ත 🕔2018-04-20
- රිය අනතුරින් තාත්තා නැති වුණා රට ගිය අම්මා උදවු කරන්නේ නැහැ ආච්චිටයි, සීයටයි අපිව ජීවත් කරවන්න බැහැ 🕔2018-04-20
- යුද්ධයෙන් විපතට පත් තවත් පවුල් 14,415ක් යළි පදිංචි කිරීමට පියවර ගන්නවා 🕔2018-04-20
- සීමා නිර්ණ කමිටු වාර්තාවට පාර්ලිමේන්තු අනුමතිය ගැනීමට ආණ්ඩුවත් අගමැතිවරයාත් ක්‍රියා කළේ නෑ 🕔2018-04-20
- කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කිරීමට ඉඩ දෙන්නේ නෑ 🕔2018-04-20
- පොහොර හිඟයක් නෑ යල කන්නයට අවශ්‍ය පොහොර විධිමත් අයුරින් කඩිනමින් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා 🕔2018-04-20
- පරිගණකය කියන්නේ වල්පල් සොයන උපකරණයක් නෙවෙයි 🕔2018-04-20
- හම්බන්තොට සිට යාපා පටුන දක්වා අඹ පැළ ලක්ෂ 50ක් වගා කරනවා 🕔2018-04-20
- දකුණු මුහුදු තීරයේ ක්‍රියාත්මක වන මාෆියා කල්ලිවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න 🕔2018-04-20
- අවුරුදු සමයේ මාළු මිල ස්ථාවරව පවත්වා ගැනීමට ලංකා ධීවර සංස්ථාවට හැකිවුණා 🕔2018-04-20
- එක නිළියයි - නළුවො තුනයි “අනඟ රැගුම මඟ නවතියි” 🕔2018-04-20
- මහින්දගේ නායකත්වයෙන් පිහිටුවන ආණ්ඩුවෙන් රත්රන් බද්ද ඉවත් කරනවා 🕔2018-04-20
- අපි යළි බලය අරන් මහින්දට රට බාර දෙනවා 🕔2018-04-20
- විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනාවට එජාපයත් හවුල්දැයි සැකයි 🕔2018-04-20
- ටැංකියට වැටුණු සේවකයා බේරාගන්න ගිය අයත් සිහිනැතුව වැටුණා 🕔2018-04-20
- මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හදන තුරු ටිකක් ඉවසලා ඉන්න 🕔2018-04-20
- බොහෝ දෙනා රජයේ සේවයට එන්නේ නිකන් ඉඳලා පඩි ගන්නයි 🕔2018-04-20
- බුදු දහමට පිටුපාන පාලකයන්ට සොබාදහමෙන් දඬුවම් ලැබෙනවා 🕔2018-04-20
- ලක්ෂ 6ක් කොල්ලකෑමේ සිද්ධිය විමර්ශනයට පොලිස් කණ්ඩායම් 4ක් 🕔2018-04-20
- විදුලිසර වැදී අලියකු මිය ගිහින්: මුළු ගමක්ම නොසන්සුන් වෙලා 🕔2018-04-20
- බිරිය දරු ප්‍රසූතියට රෝහලේ: සැමියා පිහියෙන් ඇන මරා දමලා 🕔2018-04-20
- බාල වයස්කාර දැරියක අපහරණය කළ බස් කොන්ෙදාස්තර අත්අඩංගුවට 🕔2018-04-20
- මිනිස් ඝාතනයක් නොව සියදිවි නසා ගැනීමක් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වෙයි 🕔2018-04-20
- තායිලන්ත විවෘත මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් අට දෙනෙක් 🕔2018-04-20
- 15න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ලබන සඳුදා සිට මලයාසියාවේදී 🕔2018-04-20
- පදක්කම්ලාභීන්ට බරටම තෑගි 🕔2018-04-20
- දෙමළ විමුක්ති සන්ධානයේ සහාය ශ්‍රී ලනිපයට 🕔2018-04-20
- 16 දෙනා විපක්ෂයේ වාඩි වන බව දන්වා නෑ 🕔2018-04-20
- මහ මැතිවරණයක් හැර වෙන විකල්පයක් නෑ 🕔2018-04-20
- ආණ්ඩුවේ හවුල්කාර පිරිසක් විපක්ෂ නායකකම ඉල්ලීම සුදුසු නෑ 🕔2018-04-20
- ත්‍රීවීල්වලට මීටර්-බිල් නීතිය අද සිට ක්‍රියාත්මකයි 🕔2018-04-20
- එජාප තනතුරු වෙනස ඉදිරි දින 10 තුළදී 🕔2018-04-20
- ගාල්ලේ වීරයෙක් හලාවත මුහුදේ ගිලෙන්න ගිය 5ක් බේරාගෙන 🕔2018-04-20
- ශ්‍රී ලනිප-එජාප විශාල පිරිසක් පොදුජන පෙරමුණට එක්වන සූදානමක් 🕔2018-04-20
- කෘෂි බෝගයක් ලෙස නම් කොට කංසා වගාව නීතිගත කරන්න 🕔2018-04-20
- යාලේ සද්දන්තයා වෙඩි තබා මරා දමයි 🕔2018-04-20
- කඩොලාන සංරක්ෂණ නායකත්වය ශ්‍රී ලංකාවට 🕔2018-04-20
- දේශපාලනඥයන් ලංකාවේ ක්‍රිකට් විනාශ කරනවා මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේදී පවසයි 🕔2018-04-19
- ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසුව මම ක්‍රීඩාවෙන් සමුගන්නවා-පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභිනී අනූෂා 🕔2018-04-19
- බැඩ්මින්ටන් සංගමයේ ලේකම් හා උප සභාපති තනතුරු සඳහා මොහාන් හා වසන්ත පත්වෙති 🕔2018-04-19
- සචින්ගේ නිරහංකාර බව යළිත් ප්‍රදර්ශනය කරයි 🕔2018-04-19
- පිළිගැනීමේ උළෙලක් අද ක්‍රීඩා අමාත්‍යාංශයේදී 🕔2018-04-19
- ‘සිංගර් කුසලාන’ වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය දෙවැනි කොටසේ ශූරතාව දේවපතිරාජයට 🕔2018-04-19
- ච්ඉධ් සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරග 27දා සිට 🕔2018-04-19
- එතකොටම දුව සැඩ පහරට අහුවෙලා තාත්තේ මාව බේරගන්න කියලා අත්දෙක උස්සගෙන කෑ ගැසුවා 🕔2018-04-19
- කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත මළ සිරුර යොමු කරන ලෙස පොලිසියට නියෝග 🕔2018-04-19
- මූලික විරෝධතා සම්බන්ධ නියෝගය අප්‍රේල් 23 වැනිදා 🕔2018-04-19
- ඉෂාරා වැවේ ගිළුණු අවස්ථාවේ දර්ශනී ඇය බේරාගන්න දියට පැන්නා; ඇයත් ගිළුණා. එවිට ඔෂිනි අක්කත් වැවට පැන්නා; ඇයත් ගිළුණා 🕔2018-04-19
- ද්විපුද්ගල ඝාතනයකට සූදානම් වූ දෙදෙනෙක් බෙලිඅත්තේදී අත්අඩංගුවට 🕔2018-04-19
- පිටබැද්දර අනාරක්ෂිත ළිඳක පිරිමි මළසිරුරක් 🕔2018-04-19
- උතුරු මහ ඇමැති නව පක්ෂයකින් මහ ඇමැති ධුරයට තරග කිරීමේ සූදානමක් 🕔2018-04-19
- දුර්ලභ ගණයේ දෙබිඩි කැස්බෑ පැටවුන් දෙදෙනකු මාතර මිරිස්ස වෙරළෙන් සොයාගෙන 🕔2018-04-19
- වලිකාමම් වැසියන්ට අක්කර 683ක් ආපසු දීම දෙමළ සන්ධානයේ ජයග්‍රහණයක් 🕔2018-04-19
- නිධානයකින් හමු වූ බව කියමින් රන් - රිදී - මුතු - මැණික් හා ත්රස්තවාදීන් සැඟවූ ඩොලර් බව පෙන්වා මහා ජාවාරමක් අනුරාධපුරය පුරා 🕔2018-04-19
- අනුප්රාප්තිකයන් නැතිව වනජීවී නිලධාරීන් විශාල පිරිසක් මාරුකිරීමෙන් ක්ෂේත්‍ර ප්‍රධානීන් දැඩි අසීරුතාවට 🕔2018-04-19
- උඩවලව ජලාශයේ සුළු ඉරිතැළීමක් මිසක් කිසිම අවදානමක් නෑ 🕔2018-04-19
- යාපනය නව නගරාධිපති ආණ්ඩුකාරවරයා හමුවෙයි 🕔2018-04-19
- දියණියගේ නිවෙසට නෑගම් ගිය පියාටයි සොහොයුරියටයි බෑණාගේ කට්ටියක් පහරදීලා 🕔2018-04-19
- මැදිරිගිරියේදී යතුරුපැදි අනතුරෙන් හමුදා සෙබළා මරුට 🕔2018-04-19
- නාස්ති නොකර සෑම මුදලක්ම ජනතා සේවයට යොදවන්න 🕔2018-04-19
- ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යෑම අපේ වගකීමක් 🕔2018-04-19
- අගමැතිතුමා තව කෙනකුට අවස්ථාව දුන්නොත් හොඳයි 🕔2018-04-19
- මේ වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන්නේ මානසික රෝගීන් 🕔2018-04-19
- තනතුරු අතහරින්න ඕනෑම වෙලාවක අපි සූදානම් 🕔2018-04-19
- ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙළ ගැන නිවැරැදි තොරතුරු ජනතාව අතරට යන්නේ නැහැ 🕔2018-04-19