ස්විට්සර්ලන්ත දේශපාලන නියෝජිතයෙක් යාපනයට ඇවිත් උතුරේ තත්ත්වය ගැන ආනන්ද සංගරී සමඟ සාකච්ඡාවක

  👤  2824 readers have read this article !
By mawbima 2017-12-11

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජිතවරයා පසුගියදා යාපනයට පැමිණ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී සමඟ උතුරේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පැය තුනක කාලයක් සාකච්ඡා කොට තිබේ.

ආනන්ද සංගරී මහතාගේ නිවෙසේදී පැවති මේ සාකච්ඡාවේදී එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් දේශපාලනයට පිවිසීම හා ඒ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කොට තිබේ.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ ප්‍රධානියා ඉකුත් 8දා යාපනයේදී දෙමළ ජාතික සන්ධානයේ නායකයන් හමුවීමටත් සෙසු දෙමළ දේශපාලන පක්ෂවල නායකයන් හමුවීමටත් කටයුතු යොදා තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon