මාගම්පුර වරාය සේවකයන් අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් විරෝධතා

  👤  2961 readers have read this article !
By mawbima 2017-12-11

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

මාගම්පුර වරාය චීනයට ලබා දෙමින් තම දරුවන්ගේ රැකියා අහිමි කර ඇතැයි පවසමින් තම දරුවන් වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් මාගම්පුර වරායේ සේවයේ නියුතුව සිටි සේවකයන්ගේ මවුපියන් හා සේවකයන් දහසකට (1,000) ආසන්න පිරිසක් එක්ව පෙරේදා (09දා) පෙරවරුවේ අම්බලන්තොට නගරයේ විරෝධතාවක නියැළී සිටියහ.
තම දරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් ඔවුන් වරාය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සමඟ මෙන්ම වරාය සභාපතිවරයා ඇතුළු බලධාරීන් සමඟ සාකච්ඡා කළත් මේ වන තෙක් ඒ සඳහා කිසිදු විසඳුමක් ලබා නොදුන් බව එම විරෝධතාවට එක්වූ මාගම්පුර වරාය සේවකයන්ගේ මවුපියෝ පැවැසූහ. මේ හේතුවෙන් මාගම්පුර වරාය කළමනාකරණ පෞද්ගලික සමාගම යටතේ සේවය කළ සේවකයන් 438 දෙනකුගේ රැකියා අහිමි වන බවද ඔවුහු පෙන්වා දෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon