දෙමළ ජාතික සන්ධාන පිරිසක් එජාපයට

  👤  2675 readers have read this article !
By mawbima 2017-12-11

මුලතිව් - ශෂිකුමාර්, ඕමන්ත - ශේෂලා අමරසිංහ, වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

වවුනියාව, නෙඩුන්කේනි දෙමළ ජාතික සන්ධානයේ හිටපු සභාපතිවරයකු ඇතුළු පිරිසක් ඊයේ (10දා) වවුනියාවේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්හ.
වවුනියාවේ විශාලතම ප්‍රාදේශීය සභාවලින් එකක් වන වවුනියාව උතුර නෙඩුන්කේනි ප්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු සභාපති වූ එම්. බාලසුබ්‍රමනියම් මහතා ඇතුළු 20කට ආසන්න පිරිසක් ඊයේ වවුනියාවේ පිහිටි පෞද්ගලික හෝටලයකදී එක්සත් ජාතික පක්ෂ වවුනියාව ප්‍රධාන සංවිධායක පී.ඒ. කරුණාදාස මහතා ඉදිරියේදී පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ.

එහිදී හිටපු සභාපතිවරයා කියා සිටියේ පසුගිය සමයේදී දෙමළ ජාතික සන්ධානය විසින් උතුරේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීම වෙනුවට පෞද්ගලික බලලෝභීත්වය වෙනුවෙන් ක්‍රියා කිරීම හේතුවෙන් බොහෝ පිරිසක් පක්ෂය සම්බන්ධයෙන් කලකිරීමකට ලක්වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට කටයුතු කළ බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon