දළ පූට්ටුවා ඝාතනයේ වැරැදිකරුවන්ට උපරිම දඬුවම් දෙන්නැයි දේව කන්නලව්වක්

  👤  2997 readers have read this article !
By mawbima 2017-12-11

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම

සාහසික ලෙස ඝාතනයට ලක්වූ ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දැමූ අපරාධකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙන්නැයි ඉල්ලමින් ගල්ගමුව, උස්ගල, සියඹලන්ගමුව වැව් ඉස්මත්තේදී පෙරේදා (09දා) උදෑසන දේව කන්නලව්වක් පැවැත් විය.

මෙම අපරාධය සම්බන්ධයෙන් තවත් අය සිටියේ නම් ඔවුන්ද නීතියේ රැහැනට හසු කිරීමටත්, අත්අඩංගුවට පත් පුද්ගලයන්ට සොබාදහමින් පවා දඬුවම් ලැබේවායි දෙවියන්ගෙන් ඉල්ලමින් මේ කන්නලව්ව පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
මියගිය ඇතා වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමේ පුණ්‍ය කටයුත්තකට සමගාමීව මේ දේව කන්නලව්ව පැවැති අතර යාය 4, උස්ගල, සියඹලන්ගමුව ප්‍රදේශවාසීන් විසින් මෙය සංවිධානය කර තිබිණි.

මේ අවස්ථාවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාද සහභාගි විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon