කාවන්තිස්ස රැස්වෙහෙරට ඇවිත්

  👤  3106 readers have read this article !
By mawbima 2017-12-11

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම

රැස්වෙහෙර ප්‍රදේශය සිය වාසභූමිය කර ගනිමින් ජීවත් වන කාවන්තිස්ස නමැති ඇත් රාජයා ගල්ගමුව වනජීවී කලාපයට අයත් වැව ඉස්මත්තකදී පසුගිය දිනකදී ගම්වාසීන්ට දැකගත හැකි විය. විශාල අලින් අට දෙනකු හා කුඩා පැටවුන් දෙදෙනකුත් සහිත රංචුවක් සමඟ එම වැව් ඉස්මත්තට සවස හතර පහ වන විට පැමිණෙන මෙම ඇතා ජලය පානය කර රාත්‍රි ආහාර සොයා පිටව යන බව ගම්වාසීහු පැවැසූහ. මේ වන විට ඇත් පරපුරට එල්ල වී ඇති තර්ජන හමුවේ දඩයක්කරුවන් හා ජාවාරම්කරුවන්ගෙන් මෙම හස්තියා ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon