අ.පො.ස. සාමාන්‍ය පෙළ අපේක්ෂකයන්ට විශේෂ පණිවිඩයක්

  👤  2828 readers have read this article !
By mawbima 2017-12-11

යුද සමයේදී සිදු වූ යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යා යුතු යැයි ජාත්‍යන්තර ප්‍රජාවේ කවුරුන් හෝ පවසයි නම් ඔවුන් දෙදෙනාගේවත් සෙන්පතිවරුන්ගේවත්, සොල්දාදුවන්ගේවත් එක මවිල් ගසකට හෝ අත තැබීමට යහපාලන ආණ්ඩුව ඉඩ තබන්නේ නැතැයි මා ආඩම්බරයෙන් කියා සිටිනවා යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

එසේ පැවැසීමෙන් පසුවත් අප රාජද්‍රෝහීන්, දේශද්‍රෝහීන් යැයි කිසිවකුට කීමට කිසිසේත් නොහැකි බවත් අපේ රටේ වර්තමාන නායකයන් මෙන්ම අතීත නායකයන්ද ආරක්ෂා කරන බවත් කුමන දේශපාලන වාද භේද තිබුණත් අප අපේකම, ගමේකම, ශ්‍රී ලාංකිකත්වය වැදගත් ලෙස සලකන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
'සැමට සෙවණ' යළි පිබිදෙන උදා ගම්මාන වැඩපිළිවෙළ යටතේ හම්බන්තොට සිරිබෝපුර ඉදිවන 500 වැනි උදාගම්මානය වන 'සිරිගැමුණු රජගම' සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි වෙමින් හෙතෙම මේ අදහස් පළ කෙළේය.

අමාත්‍යවරයා එහිදී මෙසේද පැවැසුවේය.
මහ මැතිවරණයෙන් පසු ආරම්භ කළ උදා ගම්මාන වැඩසටහන යටතේ මුල්ගල තබනු ලබන 500 වැනි ගම්මානය 'සිරිගැමුණු රජගම' ආදර්ශ ගම්මානයයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරම්භ කරනු ලබන 138 වැනි ගම්මානයද මෙයයි.

කෙටිකලකින් ගම්මාන 500ක ඉලක්කය වෙත ළඟා වීමට අතහිත දුන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ, නිවාස සංවර්ධන අධිකාරියේ සහ අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනවල සියලු දෙනාට මගේ ස්තුතිය පළ කරනවා. පක්ෂ, පාට, පන්ති, ආගම්, ජාති, භේදයකින් තොරව අප ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දෙනවා.
නාමල්ට, චමල්ට, මහින්දට සේවය කළාද යන්න අපට අදාළ වන්නේ නැහැ. නිවාස වැඩසටහන මිනිසත්කම, නැති බැරිකම කේන්ද්‍ර කර ගනිමිනුයි ක්‍රියාවට නංවන්නේ. තිබිය යුතු එකම සුදුසුකම වන්නේ ඉඩමක්, නිවෙසක් නොමැති කමයි.

යහපාලන ආණ්ඩුව ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දුන්නා. රජයේ ඉඩම් තමන්ට සහ තමන්ගේ පවුලේ අය අතර බෙදා ගැනීමක් සිදු කළා නම් එය දේශද්‍රෝහී ක්‍රියාවක්. නමුත් යහපාලන ආණ්ඩුවේ කිසිදු වගකිවයුතු පුද්ගලයකු තමන්ට ඉඩම් බෙදා ගන්නේ නැහැ. අද මේ උදා ගම්මාන 500ක ප්‍රතිලාභීන් බවට පත්ව සිටින්නේ ඉඩම් නොමැති දුප්පත් අසරණ ජනතාවයි. යහපාලන රජයට දේශද්‍රෝහී යැයි ඇඟිලි දිගු කරන පිරිසට මෙවැනි දෝෂාරෝපණයක් සිදු කරන්නට කිසිදු සදාචාර සම්පන්න අයිතියක් නැහැ. තිරසර ගම්මාන බිහි කරන රජයක් දේශද්‍රෝහී යැයි විවේචනය කරන්නේ කෙසේද? දේශද්‍රෝහීකම, දේශප්‍රේමීකම ගැන පැහැදිලි අර්ථකථනයක් කිරීමට රටේ ජනතාවට දැන් කාලය එළැඹී තිබෙනවා.

අද විදුලි පුටුව නැහැ. අද ජාත්‍යන්තර යුද අධිකරණවලට රණවිරුවන් ගෙන යන්නේ නැහැ. රණවිරුවන් එල්ලා මරනවා යැයි කී කතාව අද අතුරුදන් වී හමාරයි. ජාත්‍යන්තර ප්‍රජාව අපේ රට වට කර ආර්ථික, දේශපාලන සම්බාධක දැම්මා. ජාත්‍යන්තර යුද අධිකරණයට අපගේ රණවිරුවන් ගෙන යෑමට දැරූ උත්සාහය අද අප රජයක් ලෙස පරාජය කර අවසන්.
සත්‍ය වශයෙන්ම යහපාලන ආණ්ඩුව දේශප්‍රේමීයි. අප මහින්ද රාජපක්ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා කිසි විටෙක පිටරැටියන්ට, ජාත්‍යන්තරයට, අටවා ගත් මානව හිමිකම් කොමිසම්වලට පාවා දෙන්නේ නැහැ. කිසිවකුට එසේ සිදු කිරීමට අප ඉඩ තබන්නෙ නැහැ. දේශප්‍රේමීත්වය, දේශානුරාගය, දේශආලය, දේශද්‍රෝහිත්වය කුමක්ද කියා රටේ ජනතාව දැන්වත් වටහා ගත යුතුයි.

විරුද්ධවාදීන් අහුමුලුවල කුමන දේ පැවැසුවත් කියන්නා කෙසේ කීවත් අසන්නා බුද්ධිමත්ව ඒවා ඇසිය යුතුය කියා මා ඔබට කියනවා. අප කරන්නේ කුමක්ද කියා රටේ ජනතාව හොඳින් අවබෝධ කර ගත යුතුයි. පසුගිය වසර 10ක කාලයේදී රටේ ජනතාව වෙනුවෙන් උදා ගම්මාන ඉදි නොකිරීම දේශද්‍රෝහී ක්‍රියාවක්? විවිධ පාර්ශ්වයන්ට දේශද්‍රෝහීන් යැයි ඇඟිලි දිගු කිරීමට පෙර තමන් බලයේ සිටි කාලයේ හැසිරුණේ කෙසේද කියා සිතා බලන්නැයි මා විරුද්ධවාදීන්ට කියනවා.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon