හම්බන්තොට වරාය චීනයට බදු දීමේ ගැසට් නිවේදනය සම්මතයි

  👤  2739 readers have read this article !
By mawbima 2017-12-11

හම්බන්තොට වරාය චීන සමාගමකට අවුරුදු අනූ නවයකට බදු දීමේ ගැසට් නිවේදන දෙක පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 65කින් ඉකුත් සිකුරාදා (08දා) රාත්‍රියේ සම්මත විය.
ගැසට් නිවේදන දෙකට පක්ෂව ඡන්ද 72ක්ද විපක්ෂව ඡන්ද 07ක්ද ලැබිණි.

ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක, විජිත හේරත්, නිහාල් ගලප්පත්ති, බිමල් රත්නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මන්ත්‍රිවරුන් පස්දෙනා සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විජිත බේරුගොඩ හා ඉන්දික අනුරුද්ධ මන්ත්‍රිවරු දෙදෙනා විපක්ෂව ඡන්දය දුන් හත් දෙනා වෙති.
දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිවරුන් ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ සිටියේ නැත.

ගැසට් නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 ව්‍යවස්ථාවට අනුව සකස් වී ඇති බව චීනය දන්නා බවත් මෙය සම්මත කිරීමට තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය බවත් පැවසූ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන ඡන්දයක් විමසීම වැරැදි සහගත බවත් ප්‍රකාශ කළද සිය ඡන්දය නම් ප්‍රකාශ කළේ නැත. බන්දුල ගුණවර්ධන හා වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරු දෙදෙනාද සභාගැබේ සිටියද ඡන්දය පාවිච්චි නොකළහ. ඡන්දය විමසීමේ ප්‍රතිඵල නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.

එම අවස්ථාවේ නැඟී සිටි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, සටහන් කරගන්න. ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරු විරුද්ධව ඡන්දය දුන්නේ නැහැ යි මුලසුනට පැවැසීය.

මෙරට මද්‍යසාර ස්ප්‍රිතු නිපදවීමේ අමුද්‍රව්‍යයක් ලෙස සහල් යොදා ගන්න අපේ රජය කිසි අනුමැතියක් දුන්නේ නැහැ. එය දුන්නේ 2006 මහින්ද රාජපක්ෂ රජයයි. මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පැවැසීය.

අයවැය ඉදිරිපත් කළ පසු සංශෝධන කිහිපයක් ආවා. තවත් සංශෝධන ඉදිරිපත් කිරීමටත් සූදානම්. ග්‍රාම ශක්ති වැඩපිළිවෙළ පුළුල් කරන්න මිලියන 2000ක් වෙන් කළා. ස්වාභාවික විපත්වලට මුහුණ දීමට දිගු කාලීන වැඩපිළිවෙළක් හඳුන්වා දෙනවා. ගංවතුර වැළැක්වීම සඳහා ජලාශ ධාරිතාව වැඩි කිරීමට කටයුතු කරනවා.
පටු දේශපාලනය ඔළුවට ගත් අය මේවාට විරුද්ධව ජනතාව අවුස්සනවා. සුඛෝපභෝගී වාහන සඳහා ලක්ෂරි ටැක්ස් එකක් අයකරනවා. විශ්‍රාම යන තෝරාගත් නිලධාරීන්ට වාහන ගෙන්වීමේදී කිසියම් සහනයක් දෙනවා. තට්ටු නිවාස වැට් බද්ද රුපියල් මිලියන 10ට අඩු ඒවායින් අයකරන්නේ නැහැ.
මෙරට මද්‍යසාර ස්ප්‍රිතු නිපදවීමේ අමුද්‍රව්‍යයක් ලෙස සහල් භාවිතයට අපේ රජය කිසිම අනුමැතියක් දුන්නේ නැහැ. එයට අවසර දුන්නේ 2006දී මහින්ද රාජපක්ෂ රජය විසින්. ඒ බව නොකියා බන්දුල ගුණවර්ධන මන්ත්‍රිතුමා කොළේ වහලා ගහනවා.

අප කිසිම මාධ්‍ය ආයතනයකට වෙනස් කොට සලකන්නේ නැහැ. අප විවේචනය කළ මාධ්‍යයට පවා තවම දැන්වීම් ලබාදෙනවා. ලැම්බෝගිනි වැනි අධි සුඛෝපභෝගී වාහන සඳහා විශේෂ බද්දක් පනවනවා.

තෙල් මිල තීරණය කරන හැටි සමහර බලධාරීන් දන්නේ නැහැ. තෙල් සංස්ථාවේ මිල තීරණය කරන්න කෙනෙක් නැහැ. විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කෙළේය.

ණය හා පොලිය ගෙවන්න තව මාස ‍ෙදාළහකදී ඩොලර් මිලියන 12ක් අවශ්‍ය වෙනවා. තේ නිෂ්පාදනය වැටිලා. කෘෂි අංශය 20%කින් වැටිලා. අපි හාල් ගේන්න ඕනෑ. දැන් පොල් ගෙන්වන්නත් වෙලා. කෘෂිකර්මය ශක්තිමත් කර ආනයන සීමා කරගෙන අපනයන දිරි ගන්වන්න ඕනෑ.
කලාපයේ විදුලිබල ඒකකයකට වැඩිම මිල තිබෙන්නේ අප රටේයි. බලශක්තිය වැඩිකර ගත යුතුයි. කෙරවලපිටිය බලාගාරය ගැන අවුරුදු තුනක් කතා කරනවා පමණයි.
අපේ රටට විතරද නියඟය වැඩිය තියෙන්නේ? අනෙක් රටවලට නැද්ද? මේවා කළමනාකරණය කරන්න ඕනෑ. ඉල්මනයිට් අවුරුදු තිස්පහකට ඇති වෙන්න නැඟෙනහිර වෙරළෙ තියෙනවා. මේවා ගැන භාණ්ඩාගාරය දන්නවාද? අපේ තෙල් ආනයන බිල සමස්ත ආනයනයෙන් 20%යි. මිල තීන්දු කරන හැටි සමහර බලධාරීන් දන්නෙ නැහැ. තෙල් සංස්ථාවේ මිල තීරණය කරන්න කෙනෙක් නැහැ. පෙට්‍රෝලියම් එකට ට්‍රෙෂර් කෙනෙක් නැත්තේ ඇයි?

ආචාර්ය හර්ෂ ද සිල්වා
මා ඔබතුමා සමඟ සියයට සියයක් එකඟයි.
නියෝජ්‍ය ඇමැතිනි අනෝමා ගමගේ
ඔබතුමා කියන දේ මා පිළිගන්නවා.

සුසිල් ප්‍රේමජයන්ත
මේ රටේ ස්වාභාවික සම්පත් නිසි ආකාරයෙන් කළමනාකරණය කළා නම් මේ තත්ත්වයට පත්වෙන්නෙ නැහැ. අත්දැකීම් සහිත පළපුරුදු වෘත්තිකයන් රාජ්‍ය ව්‍යවසායයන්ගේ සභාපති හා ප්‍රධාන විධායක තනතුරුවලට පත්කරන්න.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon