තෙවැනි ස්ථානය ‘මව්බිම-බී’ කණ්ඩායමට

  👤  2862 readers have read this article !
By mawbima 2017-12-11

ඩයලොග් ආසියාටා සමාගම විසින් පළමු වරට සංවිධානය කරන ලද "ඩයලොග් මිත්‍රත්ව කුසලාන" ක්‍රිකට් තරගාවලියේ (ච්ඪචතධඨ ජ්පඪඥදඤඵඩඪන ඛ්භන) තෙවැනි ස්ථානය සඳහා වූ කුසලානය සමසේ බෙදා ගැනීමට "මව්බිම බී" කණ්ඩායම සහ දෙරණ කණ්ඩායම සමත් විය.

මෙම සත් සාමාජික ක්‍රිකට් තරගාවලියට (ක්‍රීඩකයන් 6 දෙනෙක් සහ එක් ක්‍රීඩිකාවක් ඇතුළත්) මුද්‍රිත මාධ්‍ය හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියෝජනය කරමින් කණ්ඩායම් 48ක් සහභාගි වූ අතර ශූරතාව විජය නිව්ස් පේපර්ස් කණ්ඩායමටත් අනුශූරතාව ස්වාධීන රූපවාහිනි කණ්ඩායමටත් හිමි විය.

තවද පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට තරග පැවැත්වුණු මෙම තරගාවලියේදී "මව්බිම බී" කණ්ඩායම විසින් දිවයින, පටස්.තඬ, ඍ ෆෝස් යන කණ්ඩායම් තුන පරදවා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර අවසන් පූර්ව වටයේදී විජය නිව්ස් පේපර්ස් කණ්ඩායම හමුවේ ලකුණු 12කින් පරාජයට පත්විය.
අවසන් පූර්ව තරගයේදී ලකුණු 37ක් වාර්තා කල "මව්බිම බී" කණ්ඩායම වෙනුවෙන් ශස්නි ඉමිටියාස් නොදැවී ලකුණු 20ක් රැස් කළ අතර (6 පහර 3ක් සමඟින්) පන්දු යැවීමේදී විචිත්‍ර වීරසිංහ ලකුණු 8කට කඩුලු 2කුත් කිත්සිරි ප්‍රභාශ් ලකුණු 7කට එක් කඩුල්ලකුත් බිඳ හෙළීය.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තෙවන ස්ථානය සඳහා වූ තරගය නොපැවැත්වූ අතර "මව්බිම බී" හා දෙරණ කණ්ඩායම තෙවන ස්ථානය වෙනුවෙන් තරග වැදීමට නියමිතව තිබුණි.

ජායාරූපය _ තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon