O/L අද

  👤  3799 readers have read this article !
By mawbima 2017-12-12

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (12දා) ඇරැඹේ. මෙරට ජනතා ඉතිහාසයට කළු පැල්ලමක් එක්කරමින් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී දුම්රිය වර්ජනයක්ද ක්‍රියාත්මක කෙරෙනුයේ දුම්රිය ප්‍රවාහන මාධ්‍ය කොටගත් විභාග අපේක්ෂකයන් තවත් අසීරුතාවට පත් කරලමිනි.
අද (12දා) දිනයෙන් ආරම්භ වන විභාගය ලබන 21 වැනිදා තෙක් පවැත්වේ. නව නිර්දේශය යටතේ පාසල් අයැදුම්කරුවන් 414,694ක්ද පෞද්ගලික අයැදුම්කරුවන් 99,506ක් ලෙස විභාග අපේක්ෂකයෝ 514,200ක්ද මෙවර විභාගයට පෙනී සිටින අතර පැරැණි නිර්දේශය යටතේ පාසල් අයැදුම්කරුවන් 14,799ක්, පෞද්ගලික අයැදුම්කරුවන් 159,574ක් ලෙස විභාග අපේක්ෂකයන් 174,373ක් පෙනී සිටී.

නව නිර්දේශය යටතේ විභාග මධ්‍යස්ථාන 3762ක් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 536ක් සහ පැරැණි නිර්දේශ යටතේ විභාග මධ්‍යස්ථාන 1354ක් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 487ක්ද ක්‍රියාත්මක කෙරේ.

යහපත් විභාග වාතාවරණයක් විභාග අපේක්ෂකයන්ට ලබාදීම තම වගකීම බවත් යම් හෙයකින් විභාග වංචා කිරීම් ආදී වැරැදි ක්‍රියාවක් සිදුවුවහොත් ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගවලට එළැඹීමට සූදානම් බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත "මව්බිම" කළ විමසීමකදී පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon