වැඩට නොආ අය ඉවතට

  👤  4034 readers have read this article !
By mawbima 2017-12-12

වර්ජනයේ නියැළී සියලුම දුම්රිය සේවකයන්ට ඊයේ (11දා) වනවිට සේවයට වාර්තා කරන ලෙස දුම්රිය මූලස්ථානය කළ නිවේදනයට අනුව සේවයට වාර්තා නොකළ සියලුම සේවකයන් සේවය අතහැර ගිය අය ලෙස සලකා ඔවුන්ට දන්වා යැවීමේ ලිපි සකස් කිරීම ඊයේ සවස ආරම්භ කළ බව දුම්රිය මූලස්ථානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ අතර විශ්‍රාමික දුම්රිය රියැදුරන් ස්ථානාධිපතිවරුන්, නියාමකයන් සේවයට කැඳවා ගැනීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් එම නිවෙස්වලට පිටත්කර හැරියද වර්ජකයන්ගේ බලපෑම මත ඔවුන් කිසිවෙක් සේවයට වාර්තා නොකළ බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

දුම්රිය එන්ජින් රියැදුරන් හා සහායක රියැදුරන් 15කට පමණ පිරිසකට ඔවුන්ගේ හැකියාවන් පරීක්ෂා කර (ඊඅධ්ඒඹ්) පත්වීම ලිපි ලබාදී සේවයට යෙදවීම සඳහා අවශ්‍ය කටයුතු ඊයේ සවස ආරම්භ කළ බවත් එම දුම්රියවල නියාමක රාජකාරි කටයුතු සහකාර රියැදුරන්ට පවරන බවත් ඔහු සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon