වගකීම රජය භාරගත යුතුයි

  👤  3673 readers have read this article !
By mawbima 2017-12-12

වර්ජනයේ නියුතු දුම්රිය සේවකයන් හා සාකච්ඡා කොට විසඳුමක් ලබා දෙනවා වෙනුවට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග සමයේදීත් දුම්රිය වර්ජනයක් පැවැතීමේ වගකීම සම්පූර්ණයෙන් ආණ්ඩුව භාරගත යුතු බව ලංකා ගුරු සංගමයේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් පවසයි.

දවස් කිහිපයක් පුරා ක්‍රියාත්මක වන දුම්රිය වර්ජනය විභාග කාලසීමාවද නොතකමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දුම්රිය සේවකයන් පිට වරද පටවා ජනතාව උසිගැන්වීම කිසිදු ප්‍රයෝජනයක් නොමැති ක්‍රියාවක් බවද සාකච්ඡාමය ප්‍රවේශයකින් දුම්රිය සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම්වලට කඩිනමින් විසඳුම් ලබාදිය යුතු බවද හෙතෙම අවධාරණය කරයි.
දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට කල් තියාම විභාග මධ්‍යස්ථානවලට යෑමට හැකි අයුරින් ප්‍රවාහන වැඩපිළිවෙළක් සකස් කරගන්නා ලෙස ජෝසප් ස්ටාලින් විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක්ද කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon