දුම්රිය අත්‍යවශ්‍ය කිරීමේ යෝජනාව සම්මතයි

  👤  3641 readers have read this article !
By mawbima 2017-12-12

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

දුම්රිය හා ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා ලෙසට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 52ක්ද විපක්ෂව ඡන්ද 8ක්ද ලැබිණි.
යෝජනාවට අදාළ ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඉකුත් සෙනසුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඒ සඳහාද සභාවේ කැමැත්ත ලබා ගැනීමට ඡන්ද විමසීමක් සිදු කෙරිණි.

ගැසට් පත්‍රය සභාවට ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවද වැඩි ඡන්දයෙන් සම්මත විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon