ව්‍යාවස්ථා මණ්ඩල රැස්වීම විනාඩි 2යි

  👤  3902 readers have read this article !
By mawbima 2017-12-12

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ඊයේ (11දා) දහවල් රැස්වූ අවස්ථාවේ සාකච්ඡාවට සහභාගි වීමට නියමිතව සිටි කථික මන්ත්‍රිවරු පැමිණි නොසිටීම නිසා විනාඩි දෙකක් තුළ දින නියමයක් නොමැතිව රැස්වීම කල් තැබීමට සභාපතිවරයාට සිදුවිය.

ව්‍යවස්ථා මණ්ඩලයේ සභාපති, කතානාකය කරු ජයසූරිය කථික ලැයිස්තුවේ නම් ප්‍රකාශ කළ අවස්ථාවේ, අදාළ මන්ත්‍රිවරු සභාවේ නොසිටියේය.
එස්.එම්. චන්ද්‍රසේන, අසෝක ප්‍රියන්ත, මයන්ත දිසානායක, රවීන්ද්‍ර සමරවීර, අනෝමා ගමගේ, අමීර් අල් සහබ්දීන්, චතුර සේනාරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ලකී ජයවර්ධන, වජිර අබේවර්ධන යන මැති ඇමැතිවරු කථික ලැයිස්තුවට ඇතුළත්ව සිටියහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ රැස්වීම ඊයේ පෙරවරු 11.30 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon