මන්ත්‍රිවරුන් නොපැමිණීම හෙළා දකිනවා

  👤  3661 readers have read this article !
By mawbima 2017-12-12

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ රැස්වීමට ඒකාබද්ධ විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු සහභාගි නොවීම නිසා, විනාඩි දෙකකටත් අඩු කාලයකින් රැස්වීම අවසන් කිරීමට සිදු වුණා. කථික ලැයිස්තුවට නම් ඇතුළත් කළ මන්ත්‍රිවරු සභාවට නොපැමිණීම හෙළා දකිනවා." යැයි, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක පැවැසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු 22 දෙනකු ආණ්ඩුක්‍රම ව්‍යස්ථා මණ්ඩල රැස්වීමේදී අදහස් පළ කිරීමට සිටින බව දන්වා ඒ සඳහා අවස්ථාව සලසන ලෙස ඉල්ලා තිබුණා. ඒ අනුවයි අද ව්‍යවස්ථා මණ්ඩලය රැස් කළේ."

"පාර්ලිමේන්තුව විශාල මුදලක් අද වැය කළා. මන්ත්‍රිවරු නොපැමිණීම නිසා, වටිනා කාලයත්, මුදලුත් අපතේ ගියා. මේ ක්‍රියාව තරයේ හෙළා දකනවා."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon