ඒකාබද්ධයේ ප්‍රාදේශීය සභා ප්‍රබලයෙක් එජාපයට

  👤  4003 readers have read this article !
By mawbima 2017-12-12

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සභාව නියෝජනය කළ ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබල සාමාජිකයකු වූ ඩී.එම්. උපාලි දිසානායක මහතා ඊයේ (11දා) එක්සත් ජාතික පක්‍ෂයට එක්වෙමින් එ.ජා.ප. නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් එම පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.
ඩී.එම්. උපාලි දිසානායක මහතා වසර 19ක් කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සභාව නියෝජනය කළ අතර දෙවරක්ම සභාපති ධුරයට පත්වෙමින් වසර අටක්ම එහි සභාපතිවරයා ලෙසද දෙවරක් උප සභාපති ධුරයද දැරූ ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබල සාමාජිකයෙකි.

එ.ජා.ප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පක්‍ෂ සාමාජිකත්වය ලබා ගනිමින් උපාලි දිසානායක මහතා 'පවුල් පාලනයට නතුව තමන් පසුගිය කාලයේ දැඩි පීඩනයක් විඳි බවත්, ප්‍රජාතන්ත්‍රවාදීව පොඩි මිනිසාට පහළම තැන සිට ඉහළට පැමිණිය හැකි පක්‍ෂය ලෙස එ.ජා. පක්‍ෂය තෝරා ගන්නා' බවත් පැවැසීය.
මේ අවස්ථාවට මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල, කෑගල්ල එ.ජා.ප. දිස්ත්‍රික් නායක ඇමැති කබීර් හෂීම්, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහත්වරු සමඟ කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්‍ෂ සාමාජික පිරිසක්ද එක්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon