වවුනියාවේ අපරාධයකට සැරසුණු කල්ලියක් පොලිසිය දැක ආයුධ දමා පලා ගිහින්

  👤  3923 readers have read this article !
By mawbima 2017-12-12

මුලතිව් - ශෂිකුමාර් සහ ඕමන්ත - ශේෂලා අමරසිංහ

වවුනියාව ප්‍රදේශයේ කිසියම් අපරාධයක් සිදුකිරීමට තියුණු ආයුධ රැගෙන පැමිණි කල්ලියක් මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දැක කඩු දෙකක් දමා පලා ගොස් ඇති බව වවුනියාව පොලිසිය පැවැසුවේය.

පෙරේදා (10දා) රාත්‍රි 10ට පමණ වවුනියාව බසාර් වීථිය ප්‍රදේශයේ රාජකාරිය කළ රථ වාහන පොලිස් නිලධාරීන් විසින් වේගයෙන් පැමිණි යතුරුපැදියක් නැවතීමට සංඥා කොට ඇති අවස්ථාවක අදාළ යතුරුපැදිකරුවන් පොලිස් නිලධාරීන්ට බිය වී වෙනත් දෙසකට හරවා පලාගොස් ඇති බව පොලිසිය කියයි. යතුරුපදිය හැරවීමේදී යතුරුපැදිකරුවන් සතුව තිබී පාර්සලයක් වැටී ඇති අතර යතුරුපැදියෙන් වැටුණු පාර්සලය පරීක්ෂා කිරීමේදී එහි තිබී දිග කඩු දෙකක් හමුවූ බවට වවුනියාව පොලිසිය පැවැසීය.

කිසියම් අපරාධයක් ස¼දහා පැමිණි පිරිසක් මෙලෙස පලා ගොස් ඇති බවට පොලිසිය සැක පළ කරන අතර සැකකරුවන් පැමිණි යතුරුපැදිය හඳුනාගැනීමට හැකි වී තිබේ. පොලිසිය පැවැසුවේ අදාළ යතුරුපැදිය සොයා පරීක්ෂණ මෙහෙයවන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon