ව්‍යාජ රන් කැබලි ව්‍යාපාරිකයකුට ලක්ෂ 50කට විකුණන්න හැදූ කුඩ්ඩෝ දෙදෙනෙක් දැලේ

  👤  3944 readers have read this article !
By mawbima 2017-12-12

අනුරාධපුර - එරන්ද ශෂිප්‍රිය

අනුරාධපුර පූජා භූමියේදී පුරාවිද්‍යා කැණීම්වලදී හමුවූ රන් කහවණු බව පවසා රන් පැහැ ගැන්වූ ඊයම් කැබලි කිලෝග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක් ධනවත් ව්‍යාපාරිකයකුට රුපියල් පනස් ලක්ෂයක මුදලකට අලෙවි කිරීමට උත්සාහ කළ මත්කුඩුවලට ඇබ්බැහි වූ තරුණයන් දෙදෙනකු අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ශ්‍රාවස්තිපුර මංසන්ධියේදී අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර කොට්ඨාස පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාට ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් ලද තොරතුරකට අනුව පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත අනුරාධපුර පොලිස් ස්ථානයේ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් එම ව්‍යාජ රන් කැබැලි මිලදී ගැනීමේ මුවාවෙන් උපාය දූතයන් යොදවා ගොස් සිදු කළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

වාහන අලෙවි කිරීමක් සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා පුවත්පතක පළකර තිබූ දැන්වීමකට අනුව දුරකතන ඇමතුමක් ලබාදී ඇති සැකකරුවන් එම ව්‍යාපාරිකයා සමඟ දැඩි හිතවත්කමක් ගොඩනඟාගෙන ඇත.

අනතුරුව සැකකාර තරුණයන් දෙදෙනා "මහත්තය අනුරාධපුර පූජා භූමියේ සිදුකළ කැණීම්වලදී මංජුසාවක දමා තිබී හමුවූ රත්රන් කිලෝ දෙකක් විතර අපි ළඟ තියෙනවා. ඒවා අපිට නාඳුනන අයට විකුණන්න බයයි. ඔබතුමා කැමැති නම් ඒවා අරගෙන අපට රුපියල් ලක්ෂ පනහක් දෙන්න" යැයි අදාළ ව්‍යාජ රන් කහවණු තොගය පිළිබඳව ඔහුට පවසා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon