අතුරුදන් වූවන්ගේ ඥාතීන් මඩකළපුවේ උද්ඝෝෂණයක

  👤  3606 readers have read this article !
By mawbima 2017-12-12

මඩකළපුව - ජේ. ඛාන්

අතුරුදන් වූවන් පිළිබඳ අන්තර්ජාතික විමර්ශන සිදුකළ යුතු බව හා රජය එයට සහයෝගය ලබාදිය යුතු බව ඉල්ලා නැඟෙනහිර පළාතේ අතුරුදන් වූවන්ගේ ඥාතීහු මඩකළපුවේ ඊයේ උදේ උද්ඝෝෂණයේ යෙදුණහ.

මෙයට මඩකළපුව, ත්‍රිකුණාමලය, අම්පාර දිස්ත්‍රික්කවලින් 700කටත් වැඩි අතුරුදන් වූවන්ගේ ඥාතීහු එක්ව සිටියහ.
අතුරුදන් වූවන්ගේ ඡායාරුප රැගෙන ඇඬු­­ කඳුළින් ඥාතීහු මේ උද්ඝෝෂණයේ යෙදී සිටිනු දක්නට ලැබිණි.
අතුරුදන් වූවන් හඳුනා ගැනීමේ කාර්යාලය ඉදිකිරීමේ කටයුතු ක්‍රියාත්මක කළත් එම කාර්යාලයේ අන්තර්ජාතික නිරීක්‍ෂකයන් සේවයේ යොදවන්නේ නම් එහි රාජකාරි හොඳින් සිදු කරන බවට ඔවුහු විශ්වාසය පළ කළහ.

තමන් වෙනුවෙන් හඬ දිය යුතු අය නිහඬව සිටින අවස්ථාවේ මාර්ගයේ බැස උද්ඝෝෂණය කිරීමට අපට සිදුවන බව ඔවුහු පැවැසූහ.
මෙය කල්ලඩි පාලමෙන් ආරම්භ වී මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා ගමන් ගන්නා ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon