සිසු නිල ඇඳුම් වවුචර්පත්වලට කල් ඉකුත් දිනයක් ඇයි?

  👤  3794 readers have read this article !
By mawbima 2017-12-12

හිඟුරක්ගොඩ - ප්‍රියා

අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් පාසල් දරුවන් හතළිස් පන් ලක්‍ෂයකට ආසන්න දරු පිරිසකට නිල ඇඳුම් ලබා ගැනීම සඳහා ලබාදෙන වවුචර්පත දින 25කින් කල් ඉකුත් වන බව සඳහන්ව ඇති අතර රට තුළ පවතින ආහාර වෙනුවෙන්වත් දින කිහිපයකින් කල් ඉකුත්වන බව සඳහන් නොවන ලංකාවේ සුදු රෙද්ද සඳහා කල් ඉකුත්වීමක් සඳහන් කර ඇත්තේ ඇයිදැයි මවුපියෝ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් මහතාගෙන් අසති.

මේ කල් ඉකුත්වූ වවුචර් පිළිබඳ මවුපියෝ
මෙසේද පවසති.

දින 25ක් වැනි කෙටි කාලයකින් කල් ඉකුත් වීම නිසා රටේ සෑම ප්‍රදේශයකම සුදු රෙදි ලබා ගැනීම සඳහා දැඩි තදබදයක් පවතින අතර ඇතැම් ප්‍රදේශවල වෙළෙඳසල් ප්‍රමිතියෙන් තොර බාල රෙදි අලෙවි කරයි. මේ වවුචරය කල් ඉකුත්වීමක් සටහන් කර නොතිබුණා නම් කිසිදු කලබලයකින් තොරව දරුවන්ගේ අවශ්‍යතාව කරගත හැකියි. මේ හේතුවෙන් නගරයෙන් පිට ගම්බද දරුවන්ට නිසි ප්‍රමිතියට රෙදි නොලැබෙන බවත් මෙම වවුචරය කල් ඉකුත්වීමක් සඳහන් නොකර තිබුණා නම් වෙළෙඳසල් හිමියන්ට දරුවන්ට මෙන්ම මවුපියන්ටද රැවටීමකින් තොරව තම අවශ්‍යතා නිසි පරිදි කරගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon