ස්ලිම්ලයින් හා යුනිචෙලා පිරිමි හා කාන්තා ශූරතා දිනති

  👤  3815 readers have read this article !
By mawbima 2017-12-12

ගමිත දෙහිපිටිය

පසුගියදා නිමාවට පත්වූ 91 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතා තරගාවලියේ පිරිමි ශූරතාව ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය විසින් දිනාගත් අතර කාන්තා ශූරතාව යුනිචෙලා ක්‍රීඩා සමාජය විසින් දිනාගන්නා ලදී.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 165 දෙනකුගේ සහභාගීත්වයෙන් දින තුනක් පුරා රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේදී කිලෝග්‍රෑම් 64 බර පන්තිය නියෝජනය කළ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ දිනිඳු සපරමාදු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමිවන එච්.කේ. කරුණාරත්න අනුස්මරණ කුසලානය දිනාගනිද්දී කිලෝග්‍රෑම් 52 බර පන්තියෙන් තරග වැදුණු හෙළ ක්‍රීඩා සමාජයේ ආර්.අයි. වර්ණසූරිය තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙස සම්මානය දිනාගත්තේය.
මේ අතර කාන්තා කි.ග්‍රෑ. 48 බර පන්තිය නියෝජනය කළ යුනිචෙලා ක්‍රීඩා සමාජයේ අනූෂා කොඩිතුවක්කු තරගාවලයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් අතර කි.ග්‍රෑ. 51 බර පංතියෙන් තරග වැදුණු යුද හමුදා ක්‍රීඩා සමාජයේ එච්.එස්. ප්‍රියදර්ශනී දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.

රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කමක් සමඟින් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය සමස්ත පිරිමි ශූරතාව දිනාගත් අතර දෙවැනි හා තුන්වැනි ස්ථාන පිළිවෙළින් රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 6ක් හා ලෝකඩ පදක්කමක් දිනාගත් යුද හමුදා ක්‍රීඩා සමාජය සහ රන් පදක්කම් 1ක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනාගත් නාවික හමුදා ක්‍රීඩා සමාජය විසින් දිනාගන්නා ලදී. තවද තරගාවලියේ සමස්ත කාන්තා ශූරතාව හිමිකරගත් යුනිචෙලා ක්‍රීඩා සමාජය රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කම් 3ක් දිනාගත් අතර රන් පදක්කම් 2ක් දිනාගත් හෙළ ක්‍රීඩා සමාජය කාන්තා අංශයේ දෙවැනි සථානයත්, රන් පදක්කමක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනාගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කාන්තා අංශයේ තුන්වැනි ස්ථානයත් දිනාගන්නා ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon