සී.එච්. කණ්ඩායම දෙවැනි ජයත් ලබයි

  👤  3736 readers have read this article !
By mawbima 2017-12-12

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම 43-31ක් ලෙස පරාජය කළ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම අන්තර් ක්‍රීඩා සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි ජය සටහන් කරගත්තේය.

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී පැවැති මෙම තරගයේ එක් අවස්ථාවක ගුවන් හමුදා කණ්ඩායම 11-00ක් ලෙස ඉදිරියෙන් සිටියද එම ග්‍රහණයෙන් මිදුණු සී.එච්. ක්‍රීඩකයෝ පිට පිට ගෝල දිනුම් දෙකක් හා එක් උත්සාහක දිනුමක් ලබාගැනීම හේතුවෙන් පළමු භාගය වන විට 19-14ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ.

දෙවැනි භාගයේදී ද දැඩි ආක්‍රමණශීලී තරග රටාවක නිරත වූ සී.එච්. ක්‍රීඩකයෝ අවසානයේදී 43-31ක ජයක් වාර්තා කරගත්තේය. එහිදී සී.එච්. කණ්ඩායම වෙතින් ගෝල දිනුම් 5ක්, එක් උත්සාහක දිනුමක් හා දඬුවම් පහරක් වාර්තා වී තිබූ අතර, ගුවන් හමුදා කණ්ඩායම ගෝල දිනුම් දෙකක්, එක් උත්සාහක දිනුමක් හා දඬුවම් පහර 4ක් වාර්තා කර තිබිණි.
මේ අතර පසුගිය සති අන්තයේදී පැවැති අනෙක් තරගවලදී මහනුවර කණ්ඩායම 33-19ක් ලෙස නාවික හමුදා කණ්ඩායමත්, හැව්ලොක්ස් කණ්ඩායම 35-30ක් ලෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමත්, ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම 32-18ක් ලෙස ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමත් පරාජය කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon