ආදරය වැඩිකමට එකම දිනක අතිනත ගත් අයියා - මලෝ

  👤  3323 readers have read this article !
By mawbima 2017-12-13

හන්තාන - චමින්ද කුමාර

එක කුස උපන් සහෝදරයන් දෙදෙනකු එකම දින විවාහ වී තම මනාලියන් නිවෙසට කැන්දා ගෙන ආ පුවතක් මහනුවර වලල ප්‍රදේශයෙන් වාර්තා වේ.
කුඩා කල පටන් තිබූ සහෝදර බැඳීම කොතරම්ද යත් දෙදෙනාම එකම දිනයේ විවාහ විය යුතු බව ඔවුන් තීරණය කර ඇත.
වලල වාවින්න ප්‍රදේශයේ පදිංචි විජේනායක මහතා සහ ඥානතිලකා මහත්මියගේ පුතුන් දෙදෙනා වූ මොවුන් පෞද්ගලික සමාගම් දෙකක අලෙවි කටයුතු සම්බන්ධයෙන් රැකියාවල නියුක්ත විය.

ඔවුන් දෙදෙනාගේ අතගත් මනාලියන් වූයේ පිළිමතලාවේ පදිංචි උදේශිකා ශ්‍රී මාලි හා වලල ප්‍රදේශයේම පදිංචි දිල්ෂානි රුවන්තිකා ගුණවර්ධන නමැති තරුණියන්ය.
ඒ අනුව වැඩිමහල් සහෝදරයා වන අමිල විජේනායක හා බාල සහෝදරයා වන අනුරුද්ධ චාමර විජේනායක යන දෙදෙනාගේ විවාහ උත්සවය පසුගිය හත්වැනි දින පැවැත්විණි.
ඊට පසු මනමාලියන් දෙදෙනාගේ නෑදෑ හිතවතුන් සමඟ මනමාල පාර්ශ්වයේ නෑදෑ හිතවතුන් එක්වී පසුගිය නව වැනි දින දිගන ප්‍රදේශයේ හෝටලයක දිවා භෝජන සංග්‍රහයක් පවත්වා පවුල් තුනේ සතුට බෙදා ගන්නා ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon