අල්ලසක් ගන්න හැදූ ආරක්ෂක අංශ හිටපු සාමාජිකයාව විදුහල්පති අවවාද කර මුදා හැරලා

  👤  3275 readers have read this article !
By mawbima 2017-12-13

අනුරාධපුර -
මහේෂ් විජේසූරිය

අනුරාධපුර මහින්ද ආදර්ශ කනිෂ්ඨ විදුහලේ විදුහල්පතිවරයාට අල්ලස් මුදලක් ලබාදී දරුවා නියත වශයෙන්ම පාසලට ඇතුළත් කළ හැකි බව කියමින් මවුපිය යුවළකගෙන් රුපියල් පනස් දහසක මුදලක් බලයෙන් ලබා ගැනීමට උත්සාහ කළ හිටපු ආරක්ෂක අංශ සාමාජිකයකුට තරයේ අවවාද කර මුදා හැරීමට විද්‍යාලයේ විදුහල්පතිවරයා පසුගියදා (8දා) සවස කටයුතු කෙළේය.

සිය විද්‍යාලයට කැළලක් ඇති වන අන්දමින් පුද්ගලයකු මුදල් ලබාගෙන සිසුන් ඇතුළත් කිරීමේ උත්සාහයක නිරත වන බව විදුහල්පතිවරයාට හා නියෝජ්‍ය විදුහල්පතිවරයකුට තොරතුරු අනාවරණය වී තිබෙන අතර ඔහුව අල්ලා පොලිස් ස්ථානයට භාර දීමට උපක්‍රමිකව කටයුතු කළත් සැකකාර හිටපු ආරක්ෂක අංශ සාමාජිකයා විද්‍යාලයේදී මවුපිය යුවළගෙන් මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබිණි.

සැකකරු විටින් විට විදුහල්පතිවරයාගේ ජංගම දුරකතනයට ඇමැතුම් ලබා දෙමින් මොනවද ඕන සර් කියමින් විමසීම් සිදු කර තිබෙන අතර ඔහු කිසියම් අයකුගෙන් මුදල් ලබාගෙන තමන්ට අල්ලස් දීමේ කටයුත්තක නිරතවීමට උත්සාහ කරන බව විදුහල්පතිවරයා තහවුරු කරගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon