කෝච්චි ජරමර අස්සේ O/L ඇරැඹේ

  👤  3025 readers have read this article !
By mawbima 2017-12-13

උදයන්ති මුණසිංහ

"විභාගේ ඉවර වෙන්න කලින් අපි ගැනවත් හිතලා පුළුවන් නම් වැඩ වර්ජනය නවත්වන්න" යැයි ඊයේ (12දා) දිනයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වර්ජනයෙහි නිරත දුම්රිය සේවකයන්ගෙන් ඉල්ලා සිටියහ.
ඊයේ (12දා) දිනයේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමෙන් අනතුරුව කොළඹ අවට පාසල් කීපයක සිසුන්ගෙන් අප කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ දුම්රිය වර්ජනය නිසා පාන්දරින්ම නිවෙසින් පැමිණීමට සිදු වූ බවත් අනෙකුත් දිනයන්හි දුම්රියෙන් පැය භාගයකින් පැමිණීමට හැකියාව ඇති ගමන, රථ වාහන තදබදය ආදී නොයෙකුත් හේතූන් නිසා පැය දෙකකට ආසන්න කාලයක් මහ මඟ රස්තියාදු වීමට සිදුවූ බවත්ය.
විභාගය ආරම්භ වූ දිනය ඊයේ නිසා කිසියම් මානසික පීඩනයක් තිබුණු බවත්, පැය කිහිපයකින් වාහන තදබදයටද හසුව විභාගයට පැමිණීමෙන් එම පීඩනය දෙගුණ වූ බවත් ඇතැම් සිසුන් අප සමඟ පැවැසීය.

මෙහිදී අප සමඟ අහදස් දැක්වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ අභිෂේක් ජයවර්ධන සිසුවා,
"මම එන්නේ රාගම ඉඳලා. කෝච්චි නැති නිසා අද උදේ 5.30ට ගෙදරින් ආවේ. ගෙදරින් ඉක්මනින් ආපු නිසා විභාගෙට එන්න පුළුවන් වුණා. වෙනදාට කෝච්චියේ එනවා නම් ගෙදරින් එන්නේ 6.30ට. එන අතරමඟ ගොඩක් රස්තියාදු වුණා ට්‍රැෆික් නිසා. වර්ජනය ඉක්මනින් නවත්වන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ."
මෙහිදී අප වෙත අදහස් දැක්වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ මාලන් රන්දෙණිය සිසුවා,
"මම ගම්පහ ඉ¼දලා ඉස්කෝලෙ එන්නේ. අද කෝච්චි නැති නිසා තාත්තා වාහනෙන් ඉස්කෝලෙට එක්කගෙන ආවේ. කෝච්චියෙ එනකොට නම් ට්‍රැෆික් නැති නිසා ඉක්මනින් එන්න පුළුවන්. ඒත් අද නම් ලොකු කට්ටක් කන්න වුණා."

කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රමෝද් චාමික සිසුවාගේ මව ලක්ෂ්මි මානෙල් මහත්මිය,
"පුතා හැමදාම කෝච්චියේ එන්නේ. ඒත් අද බස් එකේ එන්න වුණා ස්ට්‍රයික් එක නිසා. අපි රාගම ඉන්නේ. රාගම ඉඳලා බස් එකේ එනවාට වඩා කෝච්චියෙ එන එක තමයි පහසු. කෝච්චියෙන් පැය භාගෙන් එන්න පුළුවන් ගමනට අපිට අද පැය දෙකක් කිට්ටුවෙන්න වෙලාව ගියා. දරුවන්ට විභාගය තියෙන එක ගැනවත් හිතලා මේ ස්ට්‍රයික් එක නතර කරනවා නම් ලොකු දෙයක් කියලා තමයි කියන්න තියෙන්නේ."
ප්‍රමෝද් චාමික සිසුවා,
"දැන් ගෙදර යනකොට හවස තුනත් පහුවෙයි. ආයෙත් හෙටත් විභාගයට එන්න ඕනි. මේ ස්ට්‍රයික් නිසා ලොකු කට්ටක් අපි කන්නේ. කෝච්චි තිබිලා කලින් ගෙදර යන්න පුළුවන් වුණා නම් හිතටත් නිදහසක් තියෙනවා. අපි ගැනවත් හිතලා මේ ස්ට්‍රයික් එක නතර කරන්න කියලා අපි ඔවුන්ගෙන් ඉල්ලීමක් කරනවා."
ගෝතමී බාලිකා විද්‍යාලයේ හර්ෂණී මල්ෂා සිසුවිය,
"මම වේයන්ගොඩ ඉ¼දලා එන්නේ. අද ට්‍රේන් නැති නිසා බස් එකේ ආවේ. ගොඩක් උදෙන්ම ගෙදරින් එන්න වුණා. අද විභාගය පටන් ගන්න පළමුවැනි දවස නිසා හිතටත් පීඩනයක් තිබුණා. ට්‍රේන් නැති නිසා තවත් අවුල් ගියා. කොහොම හරි වෙලාවට එන්න පුළුවන් වුණා."
ගෝතමී බාලිකා විද්‍යාලයේ නවෝදා බුද්ධිනී සිසුවිය,

"මම එන්නේ බටුවත්තේ ඉඳලා. ඇත්තටම මේ ස්ට්‍රයික් එක නම් ලොකු වදයක්. කෝච්චි නැති නිසා තාත්තා තමයි එක්කගෙන ආවේ. ඒකෙන් තාත්තාට වැඩට යන්නත් බැරි වුණා. විභාගය ඉවර වෙන්න කලින් ස්ට්‍රයික් එක නවත්වන්න කියලා මම ස්ට්‍රයික් කරන අයගෙන් ඉල්ලනවා."
ගෝතමී බාලිකා විද්‍යාලයේ මධුෂානි ඉසන්කා සිසුවිය,
"මම එන්නේ වේයන්ගොඩ ඉඳලා. ඇත්තටම අපිට මේ ස්ට්‍රයික් එක නිසා ලොකු පීඩනයක් දැනුණා. විභාගයට එන පළමුවැනි දවස. පළමුවැනි දවස නිසා හිතට දැනුණු පීඩනය වැඩියි. ඒ වගේම මේ ස්ට්‍රයික් එක නිසා මේ පීඩනය තවත් වැඩි වුණා උදේ ට්‍රැෆික් එකේ ඇවිත්. ස්ට්‍රයික් එක ඉක්මනින් නවත්වන්න පුළුවන්න පුළුවන් නම් ලොකු දෙයක්. එතකොට අපිට කරදරයක් නැතුව කෝචිචියෙන් එන්න පුළුවන්."

ඡායාරූප - වෙනුර චන්ද්‍රමාලිත 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon