පුංචි ඡන්දයේදී අපේ පොදු සතුරා හොරකම-වංචාව හා දූෂණයයි

  👤  3202 readers have read this article !
By mawbima 2017-12-13

මෙවර පළාත් පාලන මැතිවරණයේදී තම පක්ෂයේ පොදු සතුරා වන්නේ එජාපය, ජනතා විමුක්ති පෙරමුණ හෝ වෙනත් කිසිදු පක්ෂයක් නොව හොරකම, වංචාව සහ දූෂණය පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර පවසයි.

ලංකා තරුණ සංවිධාන ජාලය ඊයේ (11දා) පදනම් ආයතනයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන් දේශපාලන පක්ෂයක් ලෝකයේ කොහේවත් නැති බවත් එම පක්ෂයේ නායකයන් සැඟවී අනුගාමිකයන්ට සාමාජිකත්වය ගන්නා ලෙස පැවැසීම මහා විහිළුවක් බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. පොදුජන පෙරමුණට මධ්‍යම කාරක සභාවක්, විධායක සභාවක් හෝ ආසන සංවිධායකවරයෙක්වත් නොමැති බව පෙන්වා දෙන ශාන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ මෙන් අම්බලමක් නොවන බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර මහතා,

ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී කියනවා අපි දැක්කා ඔහුට පිරිසුදු රාජ්‍ය පාලනයක් කරන්න අවස්ථාව ලබාදෙන්න කියලා. රාජ්‍ය නායකයකුට එහෙම අවස්ථා ගණනාවකදී කියන්න වෙලා තියෙන්නේ ඇයි කියන එක කතා කළ යුතුයි. රාජ්‍ය පාලන වැඩපිළිවෙළ හරියට සිදුනොවීම නිසා ඔහුට සිදුවෙලා තියෙනවා එහෙම ඉල්ලීම් කරන්න. අපි දැක්කා පසුගියදා වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා ප්‍රකාශයක් කළා මේ මැතිවරණයෙන් පස්සේ ඕනෑම කෙනෙක් එක්ක එකතු වෙලා බලය පිහිටුවන්න කැමැතියි කියලා. ඒ වගේම ජී.එල්. පීරිස් මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා මේ මැතිවරණයෙන් පස්සේ අපිට අවශ්‍ය නම් ඕනෑම කණ්ඩායමක් එක්ක එකතු වෙලා බලය තහවුරු කරගන්නවා කියලා. අපි අහනවා මොකක්ද මේකේ තියෙන ප්‍රතිපත්තිය කියලා. මේ අවශ්‍යතාව වෙනත් පටු අරමුණක්.

මෙහිදී අදහස් දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා,
අපිට කනගාටුයි මෙවර මැතිවරණයට තරුණ කෝටාව අහිමි කරලා තියෙනවා. දේශපාලන පක්ෂවලට තවමත් ඉඩකඩ තියෙනවා තරුණ කෝටාව ඉවත් වුණත් නාම යෝජනා පත්‍රයට තරුණයන්ව ඇතුළත් කරන්න. පළාත් පාලනය තමයි දේශපාලන අංකුරය ගොඩනැඟෙන තැන. අංකුර හැදෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව වැහුවොත් අනාගතයේදී මේ රටේ තරුණ දේශපාලන නායකත්වයක් ගොඩනැඟෙන්නේ කොහොමද කියන ගැටලුව තියෙනවා.

උදයන්ති මුණසිංහ
ඡායා - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon