ඒකාබද්ධ විපක්ෂය කියන්නේ හොරුන්ගේ තක්කඩියන්ගේ කඳවුරයි

  👤  3292 readers have read this article !
By mawbima 2017-12-13

අපි ගාව ඉන්න බැරි හොරුන්ගේ, තක්කඩියන්ගේ සහ විනාශකාරයන්ගේ කඳවුර එයාලගේ බවට ඒකාබද්ධය පත් වෙලා තිබෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ඇමැති දුමින්ද දිසානායක මහතා පැවැසීය.
ගාල්ල පින්නදුවේ පැවැති අක්මීමන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ රැස්වීමක් අමතමින් ශ්‍රී ලනිප මහලේකම්වරයා මේ බව කීය. දුමින්ද දිසානායක මහතා මෙසේද කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කරන විනාශය පිළිබඳව ඉතාමත් හොඳින් පැහැදිලි කළා. මම ඔබගෙන් අහන්නේ ඉතා කෙටි ප්‍රශ්නයක්. දැන් ඉදිරි පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ජයග්‍රහණය කරන්න ඕනද එපාද? අපි හැමෝම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරන්න ඕන කියන එකයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදුණු වෙන්වුණු රැවටුණු වැරැදි මාර්ගයේ ගිය කෙනා තමයි අපි ඉස්සෙල්ලාම ළඟට ගන්න ඕනකම තියෙන්නේ. ඒ නිසා ගමේ මේ වැඩේ කරන්න ලොක්කො යාළු වෙනකන් ඉන්න එපා. ලොක්කෝ යාළු වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපේ ආරියතිලක මැතිතුමා කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය ගියා ආවා. සමහරු කඩාගෙන ගියා. හැබැයි එනකොට ආවේ ලොක්කා විතරයි. ලොක්කා පිටිපස්සේ ගිය පොඩ්ඩන්ට මොකද වුණේ. පොඩ්ඩොන්ට තියෙන සබ්බ සකලමනාවම නැති වුණා. මේක නේද ඇත්ත. එහෙම නම් පක්ෂය සහ නායකයෝ කියන දේවල් ඒ අයට භාර දීලා ගමේ සමඟිය පටන් ගන්න. ගමේ එකමුතුව පටන් ගන්න.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ පාක්ෂිකයා පැරැදිලා නැහැ. දැන් එහෙම නම් අපි ගමේ පුංචි ඡන්දෙදි අපි දැන් ගමේ බෙදිල පරදින්න ඕනද? මේ පළාත් පාලන මැතිවරණය මගේ මැතිවරණයක් හෝ මහින්ද රාජපක්ෂ මහත්තයා නැවත ජනාධිපති හෝ අගමැති කරන්න පවත්වන මැතිවරණයක් නෙවෙයි. මේ ගමට නායකයෙක් හදා ගන්න පවත්වන මැතිවරණයක්. මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරයෙක් හදා ගත්තොත් පමණයි ජනාධිපතිතුමාගේ නියෝජිතයෙක් හැටියට ගමට වැඩක් කරගත හැක්කේ. අද හැමෝටම අමතක වෙලා තියෙනවා මේ දකුණු පළාත් සභාවේ බලය තියෙන්නේ කාටද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. එහෙම නම් පළාත් පාලන මැතිවරණයේදී පළාත් සභාවේ මුදල් ගමට ගේන්න හැකි වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ට. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා 2021 වන තුරු මේ රටේ ජනාධිපති. ඉදිරි මහ මැතිවරණය පවත්වන්නේත් මෛත්‍රිපාල ජනාධිපතිතුමා යටතේ. ඒ නිසා සියලු හයිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙනවා.

ජයග්‍රහණය කිරීම සඳහා ගමේ වැඩේ පටන් ගන්න. පක්ෂය ශක්තිමත් කරන්න. එකතු වෙන්න.
ඉමදුව - ටී. විතානවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon