හොඳ-හොඳ සෙල්ලම් හෙට අනිද්දාට දකින්න ලැබෙයි

  👤  3205 readers have read this article !
By mawbima 2017-12-13

හොඳ හොඳ සෙල්ලම් හෙට අනිද්දා තව තවත් ජනතාවට දකින්න ලැබේවි. තව ටිකක් කල් යන කොට විමල් වීරවංශලට ගම්මන්පිලලට සෙල්ලම් ගෙදර ඇතුළට වෙලා සෙල්ලම් කර කර තමයි ඉන්න වෙන්නේයි ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
අද අපේ රටේ පාර්ලිමේන්තුවේ අරුම පුදුම නායකයෝ ඉන්නවා යැයි ඇමැතිවරයා කීය.ඔහු මෙසේ සඳහන් කෙළේ ගාල්ල වැලිවත්ත විජයානන්ද පිරිවෙන් මහා විහාරස්ථානයේ පැවැති දහම් පාසල් උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ඇමැතිවරයා මෙසේද කීය.

පාර්ලිමේන්තුවේදී අපි දැක්කා අය - වැය තුන්වන වර කියවන අවස්ථාවේදී අපේ ආණ්ඩුව කොයිතරම් ස්ථාවරද කොයිතරම් ශක්තිමත්ද කියලා. පොහොට්ටුවේ කට්ටිය කිය කියා හිටිය තව පෝය 2යි මේ ආණ්ඩුව තියෙන්නේ. ඊළඟ අය-වැයේදී ඡන්දයෙන් පරාජය කරනවා කියලා. අද අපේ රටේ ජනතාව හොඳින්ම දැක්කා අපේ ආණ්ඩුවේ ඇති ශක්තිමත්කම. අද අපේ රටේ පාර්ලිමේන්තුවේ අරුම පුදුම නායකයෝ ඉන්න බව දකිනවා. කිසිම සාමාජිකත්වයක් නැති, නායකත්වයක්, උප නායකත්වයක්, ජාතික සංවිධායකකමක් නැති තනිවම මෙහෙයවන හැටි තමයි දකින්න තිබෙන්නේ. විමල් වීරවංශලා - ඔහුගේ මිත්‍ර ගම්මන්පිලලා අද තනිවෙච්ච නායකයෝ විදියට හුදකලා වෙලා ඉන්න විදිය අපි දකිනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon