2020දී පිරිසුදු ආණ්ඩුවක් හදන්න බොහෝ දෙනා ශ්‍රී ලනිපයට එකතු වෙනවා

  👤  3162 readers have read this article !
By mawbima 2017-12-13

2020දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සන්ධාන ගතවී පිරිසුදු ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කැමැත්තෙන් සිටින පිරිස් තම පක්‍ෂ සාමාජිකත්වය ලබාගැනීමට වැඩි වශයෙන් පෙලඹී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කෙළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (12දා) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉදිරි කාලය තුළදී තවත් ජනතා නියෝජිතයන් රැසක් ශ්‍රී ල.නි.ප.ය සමඟ එක්වීමට නියමිත බව පැවැසූ අමාත්‍යවරයා කියා සිටියේ ජාතික නිදහස් පෙරමුණ පක්‍ෂයේ ප්‍රබල නියෝජිතයන් කිහිපදෙනකු කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයක් නොමැතිව විපක්‍ෂයට එක්වූ බවයි.
මාධ්‍ය හමුවේදී මහින්ද අමරවීර මහතා මෙසේද සඳහන් කෙළේය.

නිදහස් පක්‍ෂය වටා දිනෙන් දින එක්රොක් වන ජනතාව වැඩිවෙමින් පවතිනවා. මෙහි අවසානය තමයි නිදහස් පක්‍ෂය මැතිවරණයේදී ජයග්‍රහණය කරන එක. ජනාධිපතිවරයාගේ මූලික අරමුණ පුංචි ආණ්ඩුවලත් පිරිසුදු පාලනයක් බිහිකරන්නයි. ඒ නිසා මැතිවරණයට ඉදිරිපත් කරලා තිබෙන්නේ කිසිදු චෝදනාවකට ලක්නොවූ පිරිසක්. ඒ නිසා ජනතාවට ඉතාම සුදුසු පුද්ගලයන් පහසුවෙන් තෝරා ගන්න පුළුවන්. දැනට අපේ පක්‍ෂය වටා ද්‍රවිඩ, මුස්ලිම් සහ වමේ පක්‍ෂ රැසක් එකතුවෙලා තිබෙනවා. අපේක්‍ෂකත්වය ඉල්ලා සිටින බොහෝ පිරිසකට ඊට අවස්ථාව ලබාදීමට නොහැකි වෙලා තිබෙනවා. මම කියන්න කැමැතියි මේ මැතිවරණයේදී එජාපයත්, ඒකාබද්ධ විපක්‍ෂයත් දුර්වල වෙනවා කියලා.
මේ දිනවල විවිධ පාර්ශ්වයන් ආණ්ඩුවට එරෙහිව විවිධ කුමන්ත්‍රණ දියත් කරලා තිබෙනවා. දියත් කරමින් ඉන්නවා. වර්ජනය කිරීම්, භාණ්ඩ සඟවා තබා ගැනීම්, බඩු මිල ඉහළ දැමීම සැලසුම් සහගතව සිදු කරනවා. කටකතා පතුරවන්න ඒකාබද්ධය වෙනම බළකායක් හදලා තිබෙනවා. දුම්රිය වර්ජනය දැඩි අසාධාරණ එකක්. දරුවන් ගැන සිතල මවුපියන් විදියට කල්පනා කරලා මේ වර්ජනය නතර කරන්න. සාමාන්‍ය පෙළ සිසුන්ට අධ්‍යාපන කටයුතුවල නිරතවෙන්න අවස්ථාවක් ලබලා දෙන්න. ගැටලු තිබුණත් එම ප්‍රශ්න විස¼දා ගැනීමේ ක්‍රමය පිළිකුල් සහගතයි. මේ කුමන්ත්‍රණකරුවන්ට එකක් කිව යුතුයි. මේ සියලු ප්‍රශ්නවලට, ගැටුම්කාරී තත්ත්වයන්ට, කුමන්ත්‍රණවලට ජනාධිපතිවරයා මෙන්ම නිදහස් පක්‍ෂය නොබියව මුහුණ දෙනවා කියලා.

සන්ධාන ආණ්ඩුවක් හදනවා නම් එක්සත් ජනතා නිදහස් සන්ධානය ආරක්‍ෂා කළ යුතුයි. සන්ධානය කඩනවා කියන්නේ සතුරට අසීමිත බලයක් ලබාදීමක් බව මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කෙළේය.

සිදත් මෙන්ඩිස්
ඡායාරූප - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon