ජනපති රන් කුසලාන වොලිබෝල් අවසන් තරග 18දා

  👤  3212 readers have read this article !
By mawbima 2017-12-13

ගමිත දෙහිපිටිය

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් තරග දෙසැම්බර් මස 18 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව අවුරුදු 22න් පහළ කාන්තා/පිරිමි සහ විවෘත කාන්තා/පිරිමි යන කණ්ඩායම් සදහා අවසන් තරග එදින පැවැත්වේ.

එහිදී විවෘත පිරිමි අංශයේ අවසන් පූර්ව තරග වලින් ජයග්‍රහණ වාර්තා කළ නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය සහ කටාන ඒකාබද්ධ ක්‍රීඩා සමාජයත් පිරිමි අවසන් තරගය සදහා සුදුසුකම් ලබාගත් අතර සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය සහ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයත් කාන්තා අවසන් තරග සදහා සුදුසුකම් ලබා ගෙන ඇත. මේ අතර වයස අවුරුදු 22න් පහළ අවසන් පූර්ව තරගවලදී ප්‍රබල සීදූව දවිසමර ක්‍රීඩා සමාජය වට 3ට 2ක් ලෙස තියුණු තරගයකින් අනතුරුව පරාජයට පත් කළ හලාවත ඒකාබද්ධ ක්‍රීඩා සමාජය සහ රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය වට 3-1ක් ලෙස පරාජයට පත් කළ හුංගම විජයබා ක්‍රීඩා සමාජයත්, වයස අවුරුදු 22න් පහළ පිරිමි අවසන් තරග සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. තවද වයස අවුරුදු 22න් පහළ කාන්තා අවසන් පූර්ව තරගවලදී ඇහැලියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජය වට 2-0ක් ලෙස පරාජයට පත් කළ කුරුණෑගල කැෂුවලයින් ක්‍රීඩා සමාජයත්, හුංගම විජයබා ක්‍රීඩා සමාජය වට 2-0ක් ලෙස පරාජයට පත් කරමින් ගලිගමුව බෝයගම සිරිපැරකුම් ක්‍රීඩා සමාජයත් අවුරුදු 22න් පහළ කාන්තා අවසන් තරග සදහා සුදුසුකම් ගෙන තිබිණි.

කෙසේ වෙතත් දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි කණ්ඩායම් 4000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූ මෙම තරගාවලියේ අවසන් තරග සදහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අවසන් තරග සදහා ඉදිරිපත් වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon