පසුගිය දා ඩෝසර් කරන ලද සාම්පූර් පුරාවිද්‍යා බිමේ ඉදිකිරීම් තාවකාලිකව නවත්වන්න දාගැබට හානි කළ පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න මුතූර් මහෙස්ත්‍රාත් නියෝග කරයි

  👤  2987 readers have read this article !
By mawbima 2017-12-25

ත්‍රිකුණාමලය -
ලක්මාල් කේ. බදුගේ

පසුගියදා ඩෝසර් කරන ලද සාම්පූර් සුඩයිකුඩා පුරාවිද්‍යා ස්ථානයේ ඉදිකර ඇති හින්දු කෝවිල අසල සිදු කරන සියලු ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවන ලෙසත් දාගැබට හානි කරන ලද පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මුතූර් මහෙස්ත්‍රාත් එම්. අයි. එම්. රිස්වාන් මහතා පොලිසියට නියෝග කළේය.

එම ස්ථානයේ කරනු ලබන ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවන ලෙසට සාම්පූර් පොලිසිය මඟින් අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙසට කළ කරුණු දැක්වීම සලකා බලා මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. හානි කළ දාගැබ සම්බන්ධයෙන් පුරාවිද්‍යා වාර්තාවක් හා ස්ථානයේ අයිතිය පිළිබඳව වනජීවී වාර්තාවක් ලබාදෙන ලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරයා එම වාර්තාව ලබන ජනවාරි 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියම කළේය.

මුතූර් සහකාර පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ උපදෙස් මත සාම්පූර් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් අධිකරණයට කරුණු වාර්තා කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon