සාම්පූර් දාගැබ ඩෝසර් කළ රියැදුරුටයි ලොරි සහයකටයි පව් පලදෙයි

  👤  3626 readers have read this article !
By mawbima 2017-12-29

ත්‍රිකුණාමලය _
ලක්මාල් කේ. බදුගේ

සාම්පූර් සුඩෙයිකුඩා හි පිහිටි පෞරාණික දාගැබ ඩෝසර් කිරීම සඳහා භාවිතා කරන ලද ඩෝසරය ප්‍රවාහනය කළ ලොරියේ රියැදුරු පෙරේදා (27දා) තෝපුර් ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් තුවාල ලබා ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් චෛත්‍ය ඩෝසර් කරන ලද මෙම ඩෝසරයේ ක්‍රියාකරු ඉකුත් 26 වැනිදා හලාවත ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවත් ඩෝසර් ක්‍රියාකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (28දා) කොළඹ බලා පිටව ගිය බවත් සාම්පූර් පොලිසිය පැවැසීය. ඩෝසරය හා එය ප්‍රවාහනය කළ ලොරිය ඊචලම්පත්තු පුනගර් ප්‍රදේශයේ සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන ඊයේ (28දා) සාම්පුර් වෙත රැගෙන ආ බව පොලිසිය පවසයි.

සහකාර පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ මෙහෙයවීම මත ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ජංගම දුරකතන විශ්ලේෂණය කර විද්‍යාත්මක සාක්ෂි පදනම් කර ගනිමින් කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස පුනගර් ප්‍රදේශයේ සඟවා තිබූ ඩෝසරය හා ලොරිය සොයා ගත් බව සාම්පූර් පොලිසිය පවසයි. ඩෝසරයේ හිමිකරු දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත හිමිකරු අත්අඩංගුවට ගත් බවත් ඔහු මුතූර් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි.
සුඩෙයිකුඩා හි විනාශ කෙරුණු පෞරාණික දාගැබ අසල ඉදි කර තිබූ හින්දු කෝවිල සඳහා ජලය ලබා ගැනීමට කෝවිලට පහළින් ළිඳක් කැණීම සඳහා මෙම ඩෝසරය රැගෙන විත් තිබූ අතර ළිඳ කැණීමෙන් පසුව කෝවිල අසල පිහිටි මෙම පැරැණි දාගැබද මොවුන් ඩෝසර් කර සමතළා කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon