බැඳුම්කර හොරුන්ට අපරාධ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

  👤  3537 readers have read this article !
By mawbima 2018-01-12

දෙනගම ධම්මික රණවීර

බැඳුම්කර ගනුදෙනුවේ අලාභය අයකර ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් අපරාධ නීතිය යටතේ කටයුතු කළ යුතු බවත් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවැසීය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සතු රුපියල් බිලියන 12ක වත්කම්වලින් බැඳුම්කර ගනුදෙනුවේ රුපියල් බිලියන 11.4ක පාඩුව අය කර ගත හැකි බවට ඇතැමුන් කරන ප්‍රකාශවලින් සොරකම සිදුවී ඇති බව ඔවුන් පවා පිළිගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
අලාභය අය කර ගන්නේ නම් සෑම හොරකුටම අලාභය ගෙවා නිදහස්වීමට හැකියාව ඇති බවද ඊයේ (11දා) ශ්‍රී ලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සුසිල් ප්‍රේමජයන්ත් මහතා කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon