රථවාහන දඩ කොළ රියැදුරුගේ නිවෙසටම එවන වැඩපිළිවෙළක් පෙබරවාරියේ

  👤  3624 readers have read this article !
By mawbima 2018-01-12

රථවාහන වැරැදි සම්බන්ධයෙන් නිකුත් කරන දඩකොළ අදාළ රියැදුරාගේ නිවෙසට එවීමේ ක්‍රමවේදය පෙබරවාරි මාසයේදී ආරම්භ කරන බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කරයි.

විශේෂයෙන්ම රථවාහන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් තාක්ෂණය භාවිත කරමින් වරදක් කළ අවස්ථාවේ ඡායාරූපයක්, වැරැද්දේ ස්වභාවයත් දඩ පත්‍රිකාවට ඇතුළත් කර අදාළ රියැදුරුගේ නිවෙසට යවන ක්‍රමය ඒ අනුව පෙබරවාරි මාසයේදී අත්හදා බලන බවද රත්නායක මහතා පැවැසීය.

මෙම නව ක්‍රමවේදයත් සමඟ පොලිස් නිලධාරීන් රථවාහන රාජකාරි සඳහා යෙදවීමද අඩු කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කරයි.
එසේම රාජකාරි කරන ස්ථානයේ පවතින දුෂ්කරතා සලකා බලා රථවාහන රාජකාරියේ නිරත නිලධාරීන්ට අමතර දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවද සාගර රත්නායක මහතා වැඩිදුරටත් පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon