නීතිඥ සංගමයේ සභාපති ධුරයට නැවතත් යූ.ආර්. ද සිල්වාට

  👤  3581 readers have read this article !
By mawbima 2018-01-12

කුමුදු උපුල් ශාන්ත

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2018 - 2019 වසරේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතාද ලේකම් වශයෙන් නීතිඥ කෞශල්‍ය නවරත්න මහතාද ඊයේ (11දා)
නිතරගයෙන් පත්විය.
මෙම ධුර සඳහා නාම යෝජනා ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඉකුත් 03 දින කැඳවා තිබූ අතර ඊයේ පෙරවරුව......දක්වාද ඒ සඳහා වෙනත් නාම යෝජනා හෝ විරෝධතා ඉදිරිපත්ව නොතිබූ බැවින් ඉහත කී නීතිඥවරුන් දෙදෙනා එම තනතුරු සඳහා නිතරගයෙන් පත්ව ඇත.
මෙම තෝරා ගැනීම් ඊයේ කොළඹ නීතිඥ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණු අතර 2017 වසරේ නීතිඥ සංගමයේ සභාපතිවරයා වශයෙන් සිටි නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා එම ධුරය සඳහා නැවත පත්වීම විශේෂයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon