FCID පරීක්ෂණ 34ට අනුව සිදුව ඇති පාඩුව රු. මිලියන 15,000ක් දූෂණ විරෝධී හඬ කියයි

  👤  3770 readers have read this article !
By mawbima 2018-01-12

අනුරාධා හේරත්

බරපතළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකළ පරීක්ෂණ 34ට අනුව රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 15,000ක් බව දූෂණ විරෝධී හඬ හෙළිදරව් කරයි.විශේෂයෙන්ම එකී පරීක්ෂණ අතර රටේ වඩාත් ආන්දෝලනයට තුඩු දුන් ඇවන්ගාඩ් ගනුදෙනුව හරහා රටට වූ පාඩුව රුපියල් මිලියන 11,000ක් බව එම සංවිධානයේ කැඳවුම්කරු, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සමරසිංහ පැවැසීය.

අදාළ පරීක්ෂණ වාර්තාවලට නඩු පවරා, රජයට අහිමි වූ රුපියල් මිලියන 15,000 නැවත පවරා ගැනීමේ කටයුතු ප්‍රමාද කරන්නේ නම් ඊට එරෙහිව නඩු මඟට බැසීමට සූදානම් බවද සමරසිංහ මහතා කීය.

එම පරීක්ෂණ වාර්තා 34හි කරුණු තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගැනීමට කටයුතු කරන බව ඒ මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon