අසංවර ත්‍රීවීල් සමාජෙට යහපත් ආදර්ශයක් දෙන නිට්ටඹුවේ “වෙනස නිමල්” රාත්‍රියට පමණයි
ඇඳිරි වැටෙමින් පවතින නිට්ටඹුව නගරයේ වාහන තදබදය සුළුපටු නොවේ. ඒ මේ අත දිවෙන වාහන කන්දරාව අතරෙන් ත්‍රිරෝද රථ කිහිපයක් ඇදී ගියේ නගරයේ ඔරලෝසු කණුව අසල ත්‍රිරෝද රථගාල වෙතටය.
විවිධ වර්ණ, විවිධ වර්ගයේ ත්‍රිරෝද රථ රැසක් ත්‍රිරෝද රථ ගාලේ එක පෙළට සීරුවෙනි. විවිධ වැකි, කියමන් එක පිට එක ත්‍රිරෝද රථ පිටුපස සීගිරි කැටපත් පවුර දෙවැනි කරන්නට මෙන් විවිධ රටාවට අකුරු කරවා තිබේ. දාර්ශනික මත දෙවැනි කරවන වැකි බොහොමයක් නෙත් ගැටුණද එක් ත්‍රිරෝද රථයක් පිටුපස අකුරු කරවා තිබුණේ "වෙනස" කියාය. එය දුටු විට හැඟුණේ යම් වැඩසටහනක ප්‍රචාරණ දැන්වීමක් දෝයි යන හැඟීමකි.
නමුත් මෙහි ඇති වෙනස හඳුනාගත්තේ ඊට ගොඩවී අසුන් ගත් අවසානයේය. පිටුපස ගසා ඇති නම සැබැවින්ම මේ රියටම පෑහේ. තමාගේ ඇතුළාන්තය තුළ නැති දේ තමා තුළ ඇතැයි ලොවට පෙන්වීමට වෙරදරන ඇතැම් රියැදුරෝ නම් ලෝකෙ නැති දේ සිය රියේ ගසාගෙන සුදනන් වීමට උත්සාහ ගනිති.
ඒත් මේ ත්‍රිරෝද රථය නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෙනසකි. ත්‍රිරෝද රියැදුරකු දෙස සමාජය බලන මානය කුමක් වුවත් සිය අත්දැකීම් ඔස්සේ පරාර්ථ චර්යාවට වෙහෙසෙන මිනිසුන්, අලුතෙන් යමක් සිතන මිනිසුන්, තමා ලබාදෙන සේවයට වඩා යමක් තමාගෙන් තම සේවාදායකයාට දිය යැයි සිතන මිනිසුන්ද රෝද තුනේ රස්සාව කරගෙන යන බව මට ද වැටහිණි. ඒ මේ ත්‍රිරෝද රථයට ගොඩවූ පසුවය.
බැලූ බැල්මට මට නම් හිතුණේ මෙය ජංගම බහු කාර්ය රථයක් කියාය. සිය සේවාදායකයා ගැන පොඩ්ඩක් සිතා ඔහු වෙනුවෙන් බොහෝ දේ මේ ත්‍රිරෝද රථය තුළ වෙන්කොට තිබේ. ත්‍රිරෝද රථය තුළ ඇති සීමිත ඉඩකඩ අපූරුවට හසුරුවා එහි රියැදුරු මහතා සිය සේවා දායකයන්ට ත්‍රිරෝද රියකට ගොඩවීමෙන් පසු අවශ්‍ය විය හැකි යැයි සිතන බොහෝ දේ පිළිවෙළට, ලස්සනට අඩුක් කොට තිබිණි.
වතුර ලීටර 20ක් පමණ පිරවිය හැකි වතුර ටැංකියක් ඊට සම්බන්ධ කළ ජල කරාමයක සිට සිය සේවාදායකයාට අවශ්‍ය වෙතැයි හැඟෙන ඉදිකට්ට දක්වා මේ රථය තුළ සීරුවට අඩුක්කොට තිබේ.
මෙය අපූරු අදහසකි. අපූරු සිතිවිල්ලකි. මේ සඳහා මේ ත්‍රිරෝද රථයේ රියැදුරුට සිය අත්දැකීම් පාදක වී තිබේ. ත්‍රිරෝද රථයකට ගොඩ වූ විට ඇතැම් සේවාදායකයන්ට විවිධාකාරයේ අවශ්‍යතා මතුවන ආකාරය පිළිබඳ තමා ලැබූ අත්දැකීම් ඔස්සේ මේ රියේ හිමිකරු මේ අදහස ක්‍රියාවට නංවා තිබේ.
මේ ඒ සැබෑ වෙනසේ හිමිකරුය.
"මම නිමල්. පාර්ක් එකේ කවුරුත් මට කියන්නේ "වෙනස නිමල්" කියලා. නිට්ටඹුව නගරයේ මගේ ත්‍රීවීල් එක ඒ නමින්ම ප්‍රසිද්ධයි. මේ නිසා බොහෝදෙනා මාව දන්නවා. මං අවුරුදු 32ක් රැකියාව කළේ ලේක්හවුස් ආයතනයේ. එතැනින් අයින්වෙලා මං හිතුවා ත්‍රිරෝද රථයක් අරගෙන හයර් දුවන්න. හැබැයි මං තෝරගත්තේ හයර් දුවන්න රාත්‍රි කාලය.
හේතුව මට කලින් රැකියාවෙදි හොඳට නිදි මරලා පුරුදුයි. හවස හතරට පාර්ක් එකට එන මම පාන්දර දෙක විතර වෙනකං හයර් දුවනවා.
රාත්‍රි කාලය ජනාකීර්ණ නෑ. කඩ සාප්පු වහලා. ඒ නිසා සේවාදායකයන්ට ඇතිවන අවශ්‍යතා සපුරාගන්න ක්‍රමයක් නෑ. සමහරු ත්‍රීවීල් එකට නැඟලා අයියෙ වතුර ටිකක් නැද්ද බොන්න කියලා අහනවා. සමහරු ෆෝන් එකෙන් කතා කරකර අයියෙ පෑනක් නැද්ද කියලා අහනවා. මේ සුලබ අත්දැකීම් නිසා මං හිතුවා මගෙන් ඔවුන්ට හයර් එකට වඩා වැඩිපුර යමක් දෙන්න.
ඒ නිසා මං මේ අදහස පුංචියට හිතට අරගෙන මට දැනුණ, මා ළඟින් හෙව්ව සේවාදායකයන්ට අවශ්‍ය වන පොඩි පොඩි දේ මං මගේ ත්‍රීවීල් එකට එකතු කරගන්න හිතුවා. මේ වනවිට මගේ ත්‍රීවීල් එකේ ඉදිකටු, නූල්, ගම්වර්ග, පෑන්, කොළ, ටූත් පික්, අල්පෙනෙති, ආයකටු වගේ සුළු සුළු ද්‍රව්‍ය වගේම ප්‍රථමාධාර පෙට්ටියක්, ඔරලෝසුවක්, උණුවතුර බෝතලයක්, කෑම වෙනම අසුරාගත හැකි ආකාරයේ බඳුන්, පිඟන්, කෝප්ප, ටී.වී, ෆෝන් චාර්ජර්, සබන් පෙට්ටියක් වගේ එකී මෙකී නොකී බොහෝදේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි හදිසි ගින්නකදී ගින්න නිවා ගැනීමට අවශ්‍ය ෆයර් බොට්ල් එකක්ද මගේ ත්‍රීවීලර් එක සතුයි. මං තවමත් මට හැඟෙන දැනෙන දේවල් මේකට එකතු කරමින් සිටින්නේ. මේ දේවල් ප්‍රයෝජනවත් වූ අවස්ථා එමටයි.
මගේ ත්‍රිරෝද රථයේ කම්ප්රෙෂර් එකක් පවා තියෙනවා. ස්පෙයාර් වීල් දෙකක් නිතරම මා සතුව තියෙනවා. හේතුව සමහර විට ස්පෙයාර් වීල් එකේ හුළං ගිහින් තිබ්බොත් රෑ රස්සාව කරන මම විතරක් නෙවෙයි මගේ සේවාදායකයත් අමාරුවේ වැටෙනවා.
රෑට සමහර වෙලාවට ෂෙඩ්වලත් හුළං නොතිබෙන අවස්ථා එමටයි. ටයර් කඩ වහලා. නිට්ටඹුව නගරයේ නම් බොහෝවිට එහෙම අසරණ වුණු කෙනෙක් මාව හොයාගෙන එනවා. ඒ කවුරු හරි කියලා ඔහුව මං ගාවට එවන වෙලාවට නගරයේ බොහෝදෙනා දන්නවා මං ගාව කම්ප්රෙෂර් එකක් තියෙනවා කියලා. මං මට කළ හැකි උදව්ව කරනවා. ඇතැම් විට මං රෝදවලට හුළං ගහලා දීලා තියෙනවා ඒ වාහන ළඟටම ගිහින්.
දවසක් රෑක මං දුවෙක් සැලෝන් එකට අරන් ගියා. එතැනදි එයාගෙ ඇඳුම මහගන්න ඉදිකටුවක් නැතිව සැලෝන් එකේ කෙනා ගෙදර යන්න හදනවා. රෑ කඩත් වහලා. මං ගිහින් ඉදිකට්ටට ඉදිකටු කාර්ඩ් එකක්ම දුන්නා කැමැති එකක් ගන්න කියලා.
තව දවසක් රෑක හොඳට ඇඳ පැලඳගත්ත නෝන කෙනෙක් එනවා නොණ්ඩිගාමින්. සෙරෙප්පුව කැඩිලා. හදාගන්න තැනකුත් නෑ. සෙරෙප්පුවක් ගන්න තැනකුත් නෑ. මං ඒ නෝනට කතා කරලා සෙරෙප්පුව අලවලා දුන්නා.
මේ විදියට මිනිසුන්ට උදවු කරලා අද මාත් එක්ක හුඟක් අය ළෙන්ගතුයි. මේ නිසාම ඔවුන් දුවන හයර් එකකදි මාවමයි හොයන්නේ. සුළු දෙයක් තවකෙනෙක් වෙනුවෙන් කළහම ලැබෙන දේ බොහොමයි"
උපාධියක් නොලැබුවත් ජීවන තක්සලාවෙන් ලද ගුරු හරුකම් ඔස්සේ ත්‍රිරෝද රථ රස්සාවෙන් ලද පන්නරයෙන් ඔහු සමාජ මෙහෙවරෙහි උපාධියකට හිමිකම් කියන්නකු යැයි මම මටම කියා ගතිමි. ඒ ලෙසම නැවුම් සිතුවිලි, අදහස්වලින් වැඩක් ගන්නා මිනිසකු යැයිද මට සිතිණි.
ත්‍රිරෝද රියැදුරකුට සමාජය දෙන චරිත සහතිකයේ නිරවද්‍යතාව ගැන දෙවරක් සිතිය යුත්තේ වන සිවුපාවුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන්ද මිනිස් වන රොදෙහි සැරිසරන නිසාය.
කෙසේ වෙතත් මහ මඟ තනි නොතනියට සිටින ත්‍රිරෝද රථ සුමිතුරන්ගෙන් සමාජයට වන සේවය සුළුකොට නොතකා ඔවුන් සතු මිනිසත්කම් සිතිය යුතු බවද "වෙනස නිමල්" අයියා යළි යළිත් ප්‍රකාශ කළේය.
හර්ෂනී අර්සකුලරත්න
ඡායාරූප - වෙනුර චන්ද්‍රමාලිත
විනෝදාත්මක
අද මව්බිමෙන්
- මිනිසුන්ගේ කුරිරුකම් නිසා මළවුන් සමඟ ජීවත් වන ප්‍රියන්ත 🕔2018-04-20
- රිය අනතුරින් තාත්තා නැති වුණා රට ගිය අම්මා උදවු කරන්නේ නැහැ ආච්චිටයි, සීයටයි අපිව ජීවත් කරවන්න බැහැ 🕔2018-04-20
- යුද්ධයෙන් විපතට පත් තවත් පවුල් 14,415ක් යළි පදිංචි කිරීමට පියවර ගන්නවා 🕔2018-04-20
- සීමා නිර්ණ කමිටු වාර්තාවට පාර්ලිමේන්තු අනුමතිය ගැනීමට ආණ්ඩුවත් අගමැතිවරයාත් ක්‍රියා කළේ නෑ 🕔2018-04-20
- කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කිරීමට ඉඩ දෙන්නේ නෑ 🕔2018-04-20
- පොහොර හිඟයක් නෑ යල කන්නයට අවශ්‍ය පොහොර විධිමත් අයුරින් කඩිනමින් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා 🕔2018-04-20
- පරිගණකය කියන්නේ වල්පල් සොයන උපකරණයක් නෙවෙයි 🕔2018-04-20
- හම්බන්තොට සිට යාපා පටුන දක්වා අඹ පැළ ලක්ෂ 50ක් වගා කරනවා 🕔2018-04-20
- දකුණු මුහුදු තීරයේ ක්‍රියාත්මක වන මාෆියා කල්ලිවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න 🕔2018-04-20
- අවුරුදු සමයේ මාළු මිල ස්ථාවරව පවත්වා ගැනීමට ලංකා ධීවර සංස්ථාවට හැකිවුණා 🕔2018-04-20
- එක නිළියයි - නළුවො තුනයි “අනඟ රැගුම මඟ නවතියි” 🕔2018-04-20
- මහින්දගේ නායකත්වයෙන් පිහිටුවන ආණ්ඩුවෙන් රත්රන් බද්ද ඉවත් කරනවා 🕔2018-04-20
- අපි යළි බලය අරන් මහින්දට රට බාර දෙනවා 🕔2018-04-20
- විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනාවට එජාපයත් හවුල්දැයි සැකයි 🕔2018-04-20
- ටැංකියට වැටුණු සේවකයා බේරාගන්න ගිය අයත් සිහිනැතුව වැටුණා 🕔2018-04-20
- මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හදන තුරු ටිකක් ඉවසලා ඉන්න 🕔2018-04-20
- බොහෝ දෙනා රජයේ සේවයට එන්නේ නිකන් ඉඳලා පඩි ගන්නයි 🕔2018-04-20
- බුදු දහමට පිටුපාන පාලකයන්ට සොබාදහමෙන් දඬුවම් ලැබෙනවා 🕔2018-04-20
- ලක්ෂ 6ක් කොල්ලකෑමේ සිද්ධිය විමර්ශනයට පොලිස් කණ්ඩායම් 4ක් 🕔2018-04-20
- විදුලිසර වැදී අලියකු මිය ගිහින්: මුළු ගමක්ම නොසන්සුන් වෙලා 🕔2018-04-20
- බිරිය දරු ප්‍රසූතියට රෝහලේ: සැමියා පිහියෙන් ඇන මරා දමලා 🕔2018-04-20
- බාල වයස්කාර දැරියක අපහරණය කළ බස් කොන්ෙදාස්තර අත්අඩංගුවට 🕔2018-04-20
- මිනිස් ඝාතනයක් නොව සියදිවි නසා ගැනීමක් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වෙයි 🕔2018-04-20
- තායිලන්ත විවෘත මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් අට දෙනෙක් 🕔2018-04-20
- 15න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ලබන සඳුදා සිට මලයාසියාවේදී 🕔2018-04-20
- පදක්කම්ලාභීන්ට බරටම තෑගි 🕔2018-04-20
- දෙමළ විමුක්ති සන්ධානයේ සහාය ශ්‍රී ලනිපයට 🕔2018-04-20
- 16 දෙනා විපක්ෂයේ වාඩි වන බව දන්වා නෑ 🕔2018-04-20
- මහ මැතිවරණයක් හැර වෙන විකල්පයක් නෑ 🕔2018-04-20
- ආණ්ඩුවේ හවුල්කාර පිරිසක් විපක්ෂ නායකකම ඉල්ලීම සුදුසු නෑ 🕔2018-04-20
- ත්‍රීවීල්වලට මීටර්-බිල් නීතිය අද සිට ක්‍රියාත්මකයි 🕔2018-04-20
- එජාප තනතුරු වෙනස ඉදිරි දින 10 තුළදී 🕔2018-04-20
- ගාල්ලේ වීරයෙක් හලාවත මුහුදේ ගිලෙන්න ගිය 5ක් බේරාගෙන 🕔2018-04-20
- ශ්‍රී ලනිප-එජාප විශාල පිරිසක් පොදුජන පෙරමුණට එක්වන සූදානමක් 🕔2018-04-20
- කෘෂි බෝගයක් ලෙස නම් කොට කංසා වගාව නීතිගත කරන්න 🕔2018-04-20
- යාලේ සද්දන්තයා වෙඩි තබා මරා දමයි 🕔2018-04-20
- කඩොලාන සංරක්ෂණ නායකත්වය ශ්‍රී ලංකාවට 🕔2018-04-20
- දේශපාලනඥයන් ලංකාවේ ක්‍රිකට් විනාශ කරනවා මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේදී පවසයි 🕔2018-04-19
- ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසුව මම ක්‍රීඩාවෙන් සමුගන්නවා-පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභිනී අනූෂා 🕔2018-04-19
- බැඩ්මින්ටන් සංගමයේ ලේකම් හා උප සභාපති තනතුරු සඳහා මොහාන් හා වසන්ත පත්වෙති 🕔2018-04-19
- සචින්ගේ නිරහංකාර බව යළිත් ප්‍රදර්ශනය කරයි 🕔2018-04-19
- පිළිගැනීමේ උළෙලක් අද ක්‍රීඩා අමාත්‍යාංශයේදී 🕔2018-04-19
- ‘සිංගර් කුසලාන’ වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය දෙවැනි කොටසේ ශූරතාව දේවපතිරාජයට 🕔2018-04-19
- ච්ඉධ් සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරග 27දා සිට 🕔2018-04-19
- එතකොටම දුව සැඩ පහරට අහුවෙලා තාත්තේ මාව බේරගන්න කියලා අත්දෙක උස්සගෙන කෑ ගැසුවා 🕔2018-04-19
- කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත මළ සිරුර යොමු කරන ලෙස පොලිසියට නියෝග 🕔2018-04-19
- මූලික විරෝධතා සම්බන්ධ නියෝගය අප්‍රේල් 23 වැනිදා 🕔2018-04-19
- ඉෂාරා වැවේ ගිළුණු අවස්ථාවේ දර්ශනී ඇය බේරාගන්න දියට පැන්නා; ඇයත් ගිළුණා. එවිට ඔෂිනි අක්කත් වැවට පැන්නා; ඇයත් ගිළුණා 🕔2018-04-19
- ද්විපුද්ගල ඝාතනයකට සූදානම් වූ දෙදෙනෙක් බෙලිඅත්තේදී අත්අඩංගුවට 🕔2018-04-19
- පිටබැද්දර අනාරක්ෂිත ළිඳක පිරිමි මළසිරුරක් 🕔2018-04-19
- උතුරු මහ ඇමැති නව පක්ෂයකින් මහ ඇමැති ධුරයට තරග කිරීමේ සූදානමක් 🕔2018-04-19
- දුර්ලභ ගණයේ දෙබිඩි කැස්බෑ පැටවුන් දෙදෙනකු මාතර මිරිස්ස වෙරළෙන් සොයාගෙන 🕔2018-04-19
- වලිකාමම් වැසියන්ට අක්කර 683ක් ආපසු දීම දෙමළ සන්ධානයේ ජයග්‍රහණයක් 🕔2018-04-19
- නිධානයකින් හමු වූ බව කියමින් රන් - රිදී - මුතු - මැණික් හා ත්රස්තවාදීන් සැඟවූ ඩොලර් බව පෙන්වා මහා ජාවාරමක් අනුරාධපුරය පුරා 🕔2018-04-19
- අනුප්රාප්තිකයන් නැතිව වනජීවී නිලධාරීන් විශාල පිරිසක් මාරුකිරීමෙන් ක්ෂේත්‍ර ප්‍රධානීන් දැඩි අසීරුතාවට 🕔2018-04-19
- උඩවලව ජලාශයේ සුළු ඉරිතැළීමක් මිසක් කිසිම අවදානමක් නෑ 🕔2018-04-19
- යාපනය නව නගරාධිපති ආණ්ඩුකාරවරයා හමුවෙයි 🕔2018-04-19
- දියණියගේ නිවෙසට නෑගම් ගිය පියාටයි සොහොයුරියටයි බෑණාගේ කට්ටියක් පහරදීලා 🕔2018-04-19
- මැදිරිගිරියේදී යතුරුපැදි අනතුරෙන් හමුදා සෙබළා මරුට 🕔2018-04-19
- නාස්ති නොකර සෑම මුදලක්ම ජනතා සේවයට යොදවන්න 🕔2018-04-19
- ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යෑම අපේ වගකීමක් 🕔2018-04-19
- අගමැතිතුමා තව කෙනකුට අවස්ථාව දුන්නොත් හොඳයි 🕔2018-04-19
- මේ වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන්නේ මානසික රෝගීන් 🕔2018-04-19
- තනතුරු අතහරින්න ඕනෑම වෙලාවක අපි සූදානම් 🕔2018-04-19
- ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙළ ගැන නිවැරැදි තොරතුරු ජනතාව අතරට යන්නේ නැහැ 🕔2018-04-19