මෙවර උසස් පෙළ ප්‍රථමයන්ට ඛ්ර්ඒ වෙතින් සන්නාම තනතුරු පිරිනමයි

  👤  3407 readers have read this article !
By mawbima 2018-01-14

උසස් පෙළ විභාගය සමත් 163,000ක් අතුරින් වාණිජ අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දුලානි රසන්තිකා ශිෂ්‍යාව සමත් වූ අතර එම විද්‍යාලයෙන්ම උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සඳුනිකා පලිහක්කාර ශිෂ්‍යාව සමත් විය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ පවතින දුෂ්කරතම කඩුල්ල අ.පො.ස. උසස් පෙළ විභාගය බවට සැකයක් නැත. සිසු ජීවිතයේ විශාලතම අභියෝගය බවට උසස් පෙළ විභාගය පත්වීමට මූලික හේතුව වී ඇත්තේ විභාගය සමත්වීමේ අපහසුව නොව ඉහළින්ම සමත්වීමෙන් තොරව ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින සීමිත අවස්ථාවන්ගෙන් එකක් ලබා ගැනීමට නොහැකි වීමයි. මෙවැනි අභියෝගාත්මක වාතාවරණයක් තුළ උසස් පෙළ විභාගයේදී තමන් මුහුණ දෙන විෂය ධාරාවෙන් පළමු වැනි තැනට පත්වීම සුළු කොට තැකිය හැක්කක් නොවේ. මේ හේතුව නිසා සිය විෂය ධාරාවෙන් පළමු ස්ථානය දිනා ගත් සිසුවියන් දෙදෙනකුට ඒ වෙනුවෙන් විශේෂ උපහාරයක් පිරිනැමීමට ඛ්ර්ඒ ශ්‍රී ලංකා ආයතනය පියවර ගෙන ඇත. ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ජනමාධ්‍ය ඇතුළු සියලු අංශවල අවධානය ඔවුන් වෙත යොමු වී ඇතත් එවැනි තාවකාලික අවධානයක් ලබාදීම නොව ඔවුන්ගේ අනාගත ජීවිතවලට තවදුරටත් අගයක් එකතු කිරීමට කටයුතු කිරීම ඛ්ර්ඒ ශ්‍රී ලංකා ආයතනයේ අපේක්ෂාවයි.

ශිෂ්‍යත්ව, සන්නාම තානාපති සහ ප්‍රවර්ධන තානාපති තනතුරු ලබා දෙයි
මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ උසස් පෙළ විභාගයට මුහුණ දී වාණිජ අංශයෙන් ප්‍රථම ස්ථානය ලැබූ දුලානි රසන්තිකා ශිෂ්‍යාවට සහ එම විද්‍යාලයෙන්ම උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථානය ලැබූ සඳුනිකා පලිහක්කාර ශිෂ්‍යාවට ඛ්ර්ඒ ආයතනයේ මේ විශේෂ පිළිගැනීමට ලක්වීම තවත් ආශීර්වාදයක් විය. මොවුන් දෙදෙනාට ඛ්ර්ඒ පාඨමාලාව හැදෑරීම පිණිස සියලු පහසුකම් ඇතුළත් ශිෂ්‍යත්ව පිරිනමා තිබේ. අනාගත සිසු පරපුරට ආදර්ශයක් ලබාදීම පිණිස මෙවැනි දක්ෂතා ඇති සිසුන්ට විශේෂ පිරිනැමීමක් ලබාදී ඔසවා තැබිය යුතු බව ඛ්ර්ඒ ආයතනයේ විශ්වාසයයි. එහෙයින් දුලානි රසන්තිකා ශිෂ්‍යාවට ඛ්ර්ඒ ආයතනයේ සන්නාම තානාපති තනතුර සහ සඳුනිකා පලිහක්කාර ශිෂ්‍යාවට ප්‍රවර්ධන තානාපති තනතුර පිරිනැමීමට සභාපති මහාචාර්ය ලක්ෂ්මන් වටවල මහතා ප්‍රමුඛ ඛ්ර්ඒ ආයතනය කටයුතු කර ඇත. ශ්‍රී ලංකාව තුළ කළමනාකරණ ගණකාධිකරණ අධ්‍යාපන ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවලදී මේ හපනුන් දෙදෙනා ඉදිරි වසර තුළ ඛ්ර්ඒ ආයතනයට සහාය වනු ඇත.

ඛ්ර්ඒ සන්නාම තානාපති තනතුර ලැබීම පිළිබඳව අතිශයින් සතුටට පත්ව සිටින දුලානි රසන්තිකා පවසන්නේ උපාධිධාරිනියක ලෙස විශ්වවිද්‍යාලයෙන් පිටවන අවස්ථාව වන විට කළමනාකරණ ගණකාධිකරණ වෘත්තීය සුදුසුකමක්ද ඇති යෞවනියක වශයෙන් ශක්තිමත් වන්නට ඛ්ර්ඒ ශිෂ්‍යත්වය තමාට මහෝපකාරී වනු ඇති බවයි. ඒ හැරුණු විට සිය සහෝදර සිසුන් වෙත කළමනාකරණ ගණකාධිකරන අධ්‍යාපනයේ පණිවුඩය ගෙන යෑම පිණිස ඛ්ර්ඒ ආයතනය විසින් තමා තෝරා ගැනීම තමන් ලද විශිෂ්ට වාසනාවක් බවද ඇය පවසයි. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ වරම ලබන සහ නොලබන සහෝදර යොවුන් පරපුරට ඛ්ර්ඒ හරහා සිය ජීවිත සාර්ථක කරගැනීමේ මඟ පෙන්වා දීම තමන්ට විශේෂ සතුටක් ගෙන දෙන බව ඇය පවසයි.

ජීව විද්‍යා අංශයෙන් පළමුවන ස්ථානය ලත් සඳුනිකා පලිහක්කාරට වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්වීම පිළිබඳව කිසිදු සැකයක් නැතත් තමන් ලද ශිෂ්‍යත්වය භාවිත කරමින් කළමනාකරණ ගණකාධිකරණ පාඨමාලාවද හැදෑරීමට ඇය දැඩි අධිෂ්ඨානයක සිටී. ඉන් ලබන කළමනාකරණ දැනුම අනාගතයේදී තම වෛද්‍ය වෘත්තියේදී ප්‍රයෝජනවත් වනු ඇතැයි ඇය පවසන්නේ වෛද්‍යවරුන් මේ රටේ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයෙහිම ඉහළ කළමනාකරණ තනතුරු හොබවන බව පෙන්වා දෙමිනි. තමන් හැදෑරු විෂය ධාරාව කුමක් වුවද විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ වරම ලදත් නැතත් ඛ්ර්ඒ කළමනාකරණ ගණකාධිකරණ පාඨමාලාව මේ රටේ යොවුන් පරපුරට හොඳ වෘත්තීය අධ්‍යාපන තෝරා ගැනීමක් වනු ඇති බවද ඇය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ අ.පො.ස. (උසස් පෙළ)
විභාගයේ තත්ත්වය
රජයේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන අන්දමට සිසුන් දෙලක්ෂ පනස් දහසක පමණ සංඛ්‍යාවක් වසරකට උසස් පෙළ විභාගයට මුහුණ දෙති. (2012 - 2016 දත්ත) මොවුන් අතරින් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවශ්‍ය අවම පහසුකම් ලබන ප්‍රතිශතය 60%ක් පමණ වේ. එහෙත් සැබෑ වශයෙන්ම විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ අවස්ථාව ලබනුයේ මේ සුදුසුකම් ලබන සංඛ්‍යාවෙන් 17-18%ක් පමණ සංඛ්‍යාවකි. ඉතිරි කොටස, සිය මූල්‍ය හැකියාව සහ අවශ්‍යතාව අනුව උසස් අධ්‍යාපනය ලැබීම සඳහා වෙනත් මාර්ග සොයා ගත යුතුය.
උසස් පෙළින් පසුව ලෙහෙසියෙන් පහසුවෙන් ඛ්ර්ඒ කළමනාකරණ ගණකාධිකරණ පාඨමාලාව
ඛ්ර්ඒ පාඨමාලාව දැනට ශ්‍රී ලංකාවේ පවතින ඉහළම පිළිගැනීමකින් යුත් ගණකාධිකරණ පාඨමාලාවන් අතරින් එකක් වන අතර රටේ සිසුන් අතරින් බොහෝ දෙනකුට දැරිය හැකි ගාස්තුවකට පාඨමාලාව නිම කිරීමේ අවස්ථාව සලසා තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක් මඟින් ස්ථාපනය කර ඇති ඛ්ර්ඒ, ජාතික කළමනාකරණ ගණකාධිකරණ සුදුසුකම ලෙස පිළිගැනීම ලබා ඇති අතර කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.
ඇතුළත්වීමට සුදුසුකම
අ.පො.ස. උසස් පෙළ විභාගයේදි ඕනෑම විෂය ධාරවකින් සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබා ඇති ඕනෑම යෞවනයකුට ඛ්ර්ඒ කළමනාකරණ ගණකාධිකරණ පාඨමාලාව හැදෑරීම පිණිස ලියාපදිංචි වීමේ අවස්ථාව තිබේ.

කළමනාකරණ ගණකාධිකරණ පාඨමාලාවන් හැදෑරීමෙන් යෞවනයන් අධෛර්ය කරන කරුණු හඳුනා ගනිමින් ඒවා සඳහා නිසි පිළියම් යෙදීමටද ඛ්ර්ඒ ආයතනය පියවර ගෙන ඇත. වසර 13ක් ස්වභාෂාවලින් ඉගෙනීම නිසා ඉංග්‍රීසි භාෂාව කෙරෙහි දක්වන බිය මින් ප්‍රධාන තැනක් ගනී. මේ නිසා විභාගයේ පළමු අදියර දෙක තමන්ට පහසු පරිද්දෙන් සිංහල හෝ දමිළ භාෂාවලින් සම්පූර්ණ කිරීමේ අවස්ථාව සලසා තිබේ. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපන කටයුතු සිදු කළ යුතු තෙවන අදියර වන විට මුල් අදියර දෙකේ අඩංගු ව්‍යාපාරික ඉංග්‍රීසි විෂය ආධාරයෙන් සහ ස්වෝත්සාහයෙන් අවශ්‍ය පරිදි ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රගුණ කර ගත හැකිය.
ආයතනය විසින් අනුමත කරන ලද පන්ති පවත්වන ආයතන විසින් ඛ්ර්ඒ පාඨමාලාව සඳහා දිවයිනේ බොහෝ ප්‍රදේශවල පන්ති පැවැත්වෙන බැවින් විශ්වවිද්‍යාල හෝ වෙනත් ආයතනයක අධ්‍යාපනය ලබමින් හෝ රැකියාවක යෙදෙමින් ඛ්ර්ඒ විභාගය සඳහා අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon