ටිපරයේ ගැටී විසිවුණු අයියා - මලෝ කන්ටේනරයට යටවී එතැනම

  👤  3811 readers have read this article !
By mawbima 2018-01-22

ගොකරැල්ල - සුනිල් එස්. පැල්ලන්දෙණිය,
කුරුණෑගල - සම්පත් සෙනවිරත්න

කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල මංසන්ධිය ආසන්නයේදී ඊයේ (21දා) අලුයම යතුරුපැදියක් ටිපර් රථයක හා කන්ටේනරයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ බව ගොකරැල්ල පොලිසිය කියයි.
අධික වේගයෙන් පැමිණි ටිපර් රථයට ඉස්සර කිරීමට යෑමේදී ඒ හා ගැටුණු යතුරුපැදිය ටිපරයේ පැටලී මීටර් පනහක් පමණ දුරකට මාර්ගයේ ඇදීයෑමෙන් පසු යතුරුපැදිය හා ටිපර් රථය ගිනිගෙන තිබේ. ගිනිගැනීම හේතුවෙන් යතුරුපැදිය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත. ටිපර් රථයේ ඉදිරිපස කොටස විනාශ වී තිබේ.

ටිපරයේ ගැටීමත් සමඟ යතුරුපැදියේ යමින් සිටි පුද්ගලයන් දෙදෙනා මහා මාර්ගයට විසි වී වැටී ඇති අතර ඒ මොහොතේ කුරුණෑගල සිට දඹුල්ල දෙසට ගමන් කරමින් තිබූ කන්ටේනරයට ඔවුන් දෙදෙනාම යටවීමෙන් ඔවුන්ගේ සිරුරුවලට බරපතළ හානි සිදුව ඇතැයි සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදු කරන ගොකරැල්ල පොලිසියේ රථවාහන අංශය කියයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත්ව ඇත්තේ ගොකරැල්ල - ගල්ළිඳකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි ජයකොඩි ආරච්චිගේ රංජිත් ජයකොඩි (45) හා ජයකොඩි ආරච්චිගේ විජය කුමාර (43) යන දෙසොහොයුරන්ය. ඔවුන් දෙදෙනාම තිදරු පියවරු වෙති.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ සහ කන්ටේනර් රථයේ රියැදුරන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ගොකරැල්ල පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ කටයුතු මෙහෙයවයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon