යාපනයේ බෝක්කුවක් යට කිලෝ 05ක බෝම්බයක්

  👤  3689 readers have read this article !
By mawbima 2018-01-22

යාපනයේ මණ්ඩතිව් මුහුදු වෙරළ අසල බෝක්කුවක් යට සඟවා තිබූ කිලෝ ග්‍රෑම් පහක් පමණ වන බෝම්බයක් පෙරේදා (20දා) පොලිසිය විසින් සොයාගෙන ඇත.
මේ බෝම්බය එල්.ටී.ටී.ඊ. සංවිධානය සතු බෝම්බයක් බවට පොලිසිය සැක කරන නමුත් එවැනි බෝම්බයක් කිසිවකුත් නොදැක මෙපමණ කාලයක් තිබීම ගැන සලකා බලන විට එම බෝම්බය මෙතැනට ගෙනැවිත් දමන්නට ඇත්තේ දින කීපයකට පෙර කවුරුන් විසින් හෝ බවටද සැකයක් පහළ වී තිබේ.

මෙම බෝම්බය මුලින්ම දැක ඇති ධීවරයන් දෙදෙනකු ඒ පිළිබඳ පොලිසියට තොරතුරු දී තිබේ.
එම බෝම්බය පෙට්ටියක බහා හොඳින් ආවරණය කොට තිබූ නිසා බෝම්බ පරිහරණය පිළිබඳ ඉතා හොඳ දැනුමක් ඇති අයකු විසින් මෙම බෝම්බය මෙතැනට රැගෙන විත් ඇති බවද පොලිසිය සැක කරයි.

එම බෝම්බය රැගෙන ගොස් ඇති යාපනය පොලිසිය වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon