කුරුණෑගල හිටපු මහාධිකරණ විනිසුරු රිමාන්ඩ්

  👤  3483 readers have read this article !
By mawbima 2018-01-22

අනුරාධපුර වාරියපොළ මාර්ගයේ බීමතින් රිය පදවා බරපතළ රිය අනතුරක් සිදුකළේ යැයි චෝදනා ලැබ සිටින කුරුණෑගල හිටපු මහාධිකරණ විනිසුරුවරයා වාරියපොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල වැඩබලන මහෙස්ත්‍රාත් ජයප්‍රේම බී. තෙන්නකෝන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 23 වැනි (හෙට) දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කර ඇත.

ඉකුත් 19 වැනි දින සැකකරු විසින් පැදවූ මෝටර් රථයකට වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් මවක සහ දියණියක යට වීමෙන් සිදුවූ මේ අනතුරෙන් 35 හැවිරිදි මව වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගිය අතර බරපතළ තුවාල ලද 12 හැවිරිදි දියණිය කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටී.
ඔවුන් වාරියපොළ එබවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
ඉකුත් 20 වැනි දින සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් සැකකාර මහාධිකරණ විනිසුරුවරයා අනතුර සිදුවන අවස්ථාවේදී මත්පැන් පානය කොට සිට ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

වාරියපොළ පොලිසිය විසින් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon