හම්බන්තොට අක්කර 15,000ක් චීන සමාගමකට බදු දීමෙන් පවුල් 35,000කට සිදුවන්නේ දැඩි අසාධාරණයක්

  👤  3380 readers have read this article !
By mawbima 2018-01-22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 15,000ක් චීන සමාගමකට බදු දීම සඳහා රජය දිස්ත්‍රික්කයේ වෙසෙන පවුල් 35,000ක් පමණ පදිංචි ඉඩම් අත්පත් කර ගැනීමෙන් සිදුවන්නේ දැඩි අසාධාරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.

ඔවුන්ගේ ඉඩකඩම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් ජනතාවට නිසියාකාරව දැනුම් දීමක් හෝ සිදුනොකොට ඔවුන් අවතැන් වන ආකාරයට කටයුතු කිරීම යහපාලන ආණ්ඩුවේ අමනෝඥ ක්‍රියාවක් බව මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

හම්බන්තොටදී පැවැති ජනහමුවකදී මේ අදහස් පළ කළ මන්ත්‍රිවරයා තමන්ගේ ගම්පිටින් තමන් ඉවත් කරයි කියලා හම්බන්තොට ජනතාව අතර බියක් ඇති වෙලා තිබෙන බවත් ජනතාව රවට්ටලා, ඔවුන්ගේ ඇස්වහලා ඒ ජනතාව අතරමං කරලා හම්බන්තොට නියම උරුමක්කාරයන්ගේ ඉඩකඩම් චීන කොලනියකට පවරන්න හදන රජයේ උත්සාහය දැඩිව හෙළා දකින බවත් කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon